SKIP TO MAIN CONTENT

එජාපය නැතිව අලුත් ආණ්ඩුවක් ඉක්මණින්හ හදනවා : එස්.බී.දිසානායක.

Former Minister S.B.Dissanayake Say A new government is being created Will Soon
Source: Daily News

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

එක්සත් ජාතික පක්ෂයෙන් තොර පුළුල් සන්ධානයකින් යුතු නව ආණ්ඩුවක් කඩිනමින් බිහිකරන බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.

විශ්වාසභංගය දක්වාම ආණ්ඩු කිරීමේ නිදහස හා බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවූ බවත් ඔවුන්ට සාර්ථක ආණ්ඩු කිරීමට නොහැකි නිසා ඒකාබද්ධ විපක්ෂය සහ රනිල් වික්‍රමසිංහ විරෝධී එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රීන් කිහිපදෙනෙකුගේ ද සහය ඇතිව නව ආණ්ඩුව ගෙන එන බව මහනුවරදී මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිසංවිධානයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල වෙනසක් නොවූ බවත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා නොවෙනස්ව සිටිමින්  ජනපති අපේක්ෂක දක්වා ගමන් කරනු ඇතැයි කී හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ආණ්ඩුවෙන් ඉවත්වූ අප 16 දෙනා මැයි 08 වන දින විපක්ෂයේ අසුන් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන්නා. ආණ්ඩුවේ ඉන්න අනෙකුත් ඇමතිවරුන් ද අපේ පැත්තට ගන්නා බව එහිදී අප තවදුරටත් ප්‍රකාශ කළා. අලුත් ආණ්ඩුවක් බිහිකරන බව ද කිව්වා. අපට යළි ඇමතිධූර ලබාදීමට ආණ්ඩුව සූදානම්ව සිටියත් හෘද සාක්ෂියට එකගව සිටින අප ඒ සදහා එකගත්වය පළ කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක අමාත්‍යධූර අපට අවශ්‍ය නැහැ. හෘද සාක්ෂියට එකගවයි අප ආණ්ඩුවෙන් ඉවත්වුණේ. ඒ සදහා සම්පූර්ණ එකගත්වය හා ආශිර්වාදය ජනාධිපතිවරයාගෙන් ලැබෙනවා. අපගේ ඉවත්වීම ජනාධිපතිවරයාට ගැටලුවක් නොවෙයි. නව ආණ්ඩුව බිහිකිරීමේ දී අප ඒකබද්ධ විපක්ෂයට එක් වීමක් සිදුවන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා ගැනීමක් සිදුවෙනවා. විශ්වාසභංගයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඡන්ද භාවිත කිරීමට සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දහයකට අධික පිරිසකගේ සහයෝගය ද අපට හිමිවෙනවා. රනිල් විරෝධීන්ගේ එකතුවෙන් පුළුල් සන්ධානයකින් යුතුව නව ආණ්ඩුවක් කඩිනමින් බිහිකිරීමයි අපේ අපේක්ෂාව.”


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now