යහපාලන ආණ්ඩුවේ අද දිවුරුම් දුන් අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න.

SL PARLIAMENT

Source: Daily News

ශ්‍රී ලංකාවේ දැනට පවතින සම්මුතිවාදී රජයේ නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද (01/05) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව අද දිවුරුම් දුන් මුළු කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 18 දෙනෙකු ලෙස වාර්තා වන අතර ඔවුන් පහත පරිදි වේ.

  • ආචාර්ය සරත් අමුණුගම  මහතා  -  විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු    සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය 
  • මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය
  • දුමින්ද දිසානායක මහතා - වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය
  • එස්.බී. නාවින්න මහතා - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය
  • විජිත් විජියමුණි ද සොයිසා මහතා -   ධීවර  හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය      පිළිබද අමාත්‍ය
  • පී. හැරිසන් මහතා -   සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
  • කබීර් හෂීම් මහතා  -  මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
  • රංජිත් මද්දුමබණ්ඩාර මහතා      -  රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය
  • තළතා අතුකෝරළ මහත්මිය -   අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය 
  • ෆයිසර් මුස්තාපා මහතා -   පළාත් සභා, පළාත් පාලන සහ කී්‍රඩා අමාත්‍ය
  • ඩී.එම්. ස්වාමිනාදන් මහතා         -   නැවත පදිංචිකිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබද අමාත්‍ය
  • සාගල රත්නායක මහතා  -    තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය 
  • මනෝ ගනේෂන් මහතා -    ජාතික ඒකාබද්ධතා , සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය
  • දයා ගමගේ මහතා -   සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය
  • ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා-   තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය 
  • රවින්ද්‍ර සමරවීර මහතා -   කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය
  • විජයදාස රාජපක්ෂ මහතා -  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now