SKIP TO MAIN CONTENT

ICC තහනම ඉවතට, අකිල නැවතත් ක්‍රීඩා පිටියට.

Akila Dananjaya's action cleared
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට ICC යෙන් චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා පිළේ පිට දඟ පන්දු යවන අකිල ධනංජයට නැවත අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීමට අවස්ථාව හිමිව තිබේ.

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමෙන් අනතුරුව පැවති පරීක්ෂණ වලින් සමත්වීම හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඔහුට නැවතත් පන්දු යැවීමට අවසර ලැබී ඇත.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ පැවති එංගලන්ත තරගාවලිය යටතේ ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා එල්ල විය.

ඉන් පසුව ඔහු ඔස්ට්‍රේලියාවේදී පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ පරීක්‍ෂණයකට සහභාගි වූ අතර එහිදී මූලික ගැටළු හඳුනාගැනීමට හැකිවූ බව වාර්තා විය.

අනතුරුව ඔහු තම පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරමින් පසුගිය පෙබරවාරි 01 වන දින ඉන්දියාවේ චෙන්නායිහිදී පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ පරීක්‍ෂණයකට නැවතත් සහභාගි වූ අතර එහි ප්‍රතිඵල අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිමය තත්ත්වයට පත්ව තිබේ.  

වයස අවුරුදු 25 ක් වන අකිල ධනංජය මේ දක්වා ටෙස්ට් තරග පහකදී කඩුලු 27 ක් ද, එක්දින තරග 30 කදී කඩුලු 46 ක් ද, 20-20 තරග 16 කදී කඩුලු 16 ක් ද, දවාගැනීමට සමත්ව සිටියි.  

එළඹෙන මාර්තු 03 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක් දින තරගාවලියට සඳහාවූ ශ්‍රී ලංකා සංචිතයට අකිල ධනංජයද තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (18/02) නිවේදනය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now