SKIP TO MAIN CONTENT

බැඳුම්කරේ කොමිසම් වාර්තාව නීතිපතට යවන්න උපදෙස් දුන්නා : අගමැති රනිල්.

Prime minister Ranil Wickremesinghe Visit Kandy Sri Dalada Maligawa, Malwathu and Asgiri Maha Nayake Thero
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති වෙත යවන ලෙස දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06/01) මහනුවරදී ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගත් අතර මල්වතු මහා විහාරයේදී මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ද බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා මහා නායක හිමියන් සමග කෙටි සාකච්ඡාවක නිරත විය.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කොට සාකච්ඡා කළ බව ප්‍රකාශ කළේය.

බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබදව මාධ්‍ය කළ විමසිමේදී එම වාර්තාව නීතිපතිට යවන ලෙද තමන් කියූ බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා කීවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now