SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු 2 වන ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාව උඩ පන්දු 4 ක් අතහැර ශතක දෙකකට පාර කපයි.

2nd Test, Sri Lanka tour of Australia at Canberra
Joe Burns and Travis Head run between the wickets Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේදී අද (01/02) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 384 ක් ලබා ශක්තිමත් ස්ථාවරයක පසුවෙයි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිළ ආරම්භයේදී ඉතා හොඳ පන්දු යැවීමක නිරත වුයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කඩුලු ත්‍රිත්වය ලකුණු 28 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුණි.

නමුත් ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Joe Burns සහ Travis Head අගනා ලකුණු 308 ක සම්බන්ධතාවක් පවත්වාගෙන යාමෙන් ඔස්ට්‍රේලියාවට ශක්තිමත් ස්ථාවරයක් ලැබුණි.

Travis Head අගනා ලකුණු 161 ක් ලබා ගත් අතර Joe Burns ලකුණු නොදැවී 172 ක් ලබා තවමත් කඩුල්ලේ රැදී සිටියි.

ශ්‍රී ලංකා පන්දු රකින්නෝ ඔස්ට්‍රේලියානු පිළේ ඔස්ට්‍රේලියානු ඉනිමේ උඩ පන්දු 4 ක් අතහැරීම මෙහිදී ශ්‍රී ලංකා පිළේ දුර්වල පන්දු රැකීම නැවතත් ප්‍රදර්ශනය කරන්නට විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වන විට විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක්ද චාමික කරුණාරත්න එක් කඩුල්ලක්ද ලබා සිටියි.

චාමික කරුණාරත්න තම ටෙස්ට් දිවියේ මංගල කඩුල්ල ලබා ගැනීමට අද පෙරවරුවේ සමත්වීම තවත් විශේෂත්වයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now