SKIP TO MAIN CONTENT

කුරුළු පාරාදීසයෙන් ලාංකේය සංගීතයට ගොඩවූ සිරිලක ගායනයේ පිරිමි හඬ නිහඬ වෙයි.

Ivor Dennis passes away
Source: Sri Lankan Mirror

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදු කළ ප්‍රවීණ ගායක සහ සංගීතවේදී  අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට 86 වුයෙහි පසුවූ ඒ මහතා කලක් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිට  සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

ලාංකේය සංගීතයේ යුග පුරුෂයෙකු වන ප්‍රවීණ ගායක හා සංගීතඥයෙක් වන සුනිල් ශාන්තයන්ගේ මග යමීන් අයිවෝ ඩෙනිස් මහතා මහතා ශ්‍රී ලංකාවේ සංගීතයට විශල සේවයක් ඉටු කළේය. 

වෘත්තියෙන් ගුරුවරයකු වූ අයිවෝ ඩෙනිස් මහතා 1952 වසරේදී ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැත්වූ 'ආධුනික පැය' වැඩසටහනේදී ප්‍රථම වරට ගීතයක්‌ ගායනා කරනු ලැබීය.

රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා මෙන්ම එකල පැවැත්වූ 'හෙළ මිහිර' ගායන වෘන්දයේ මූලිකයා බවට ද පත්වූ අයිවෝ ඩෙනිස් මහතා වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහණ බැද්දගේ වැනි ලාංකේය සංගීතයේ නොමියෙන චරිත සමග හෙළ මිහිරේ කටයුතු කළේය.

මේ අතර ඔහු සුනිල් ශාන්තයන් යටතේ සංගීතය හදාරන්නට ද පටන් ගත්තේය.

1975 දී සුනිල් ශාන්තයන්ගේ 'රන්වලාව' සංගීත වැඩසටහනට එක්‌වීමට අයිවෝට අවස්‌ථාව උදාවිය.

එහිදී තිලක සුධර්මන් ද සිල්වා ලියූ සුනිල් ශාන්තයන් සංගීතවත් කළ 'කුරුලු පරාදීසයේ' ගීය ගයමින් අයිවෝ ඩෙනිස්‌ සිය සංගීත සැරිය  ආරම්භ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now