SKIP TO MAIN CONTENT

මෑත සියවසේ ලොව දැවැන්තම දේශපාලන සාකච්ඡාවට කිම් සහ ට්‍රම්ප් සිංගප්පූරුවට පැමිණෙති.

Trump and Kim arrive for historic US-North Korea summit.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Reuters, SBS


Skip to article content

උතුරු කොරියානු නායක Kim Jong Un සහ ඇමරිකානු ජනාධිපති Donald Trump අතර සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්චාව සදහා මේ වන විට රාජ්‍ය නායකයින් දෙදෙනාම සිංගප්පුරුව වෙත ලඟා වී ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අත්හදා බැලීම් සහ වැඩසටහන් නැවත්වීම පිළිබදව මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් සාකච්චාවට ගැනීමට නියමිතය.

මෙම රාජ්‍ය නායකයින් දෙදෙනා අතර හමුව වාර්තා කිරීමට මාධ්‍යවේදී 3000ක් පමණ සිංගප්පුරුවට පැමිණ ඇති බවත් සමුළුව පැවැත්වෙන Sentosa දිවයින අශ්‍රිතව දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.

උතුරු කොරියානු නායක Kim Jong Un සහ ඇමරිකානු ජනාධිපති Donald Trump අතර සාකච්චා හෙට (12/06)  දිනයේදී පවැත්වීමට නියමිත අතර, මීට පැය කීපයකට පෙර උතුරු කොරියානු නායක Kim Jong Un සිංගප්පුරු අගමැති Lee Hsien Loong හමුවූ බව ද සදහන්.

මෙම සමුළුවේ පිරිවැය තම රජය විසින් ඉතා කැමැත්තෙන් දරන බව සිංගප්පුරු අගමැතිවරයා මාධ්‍ය හමුවේ සදහන් කළේය.

මෑත සියවසේ ලොව පවත්වන දැවැන්තම හා බරපතලම දේශපාලන සාකච්ඡාව මෙය ලෙස දේශපාලන විචාරකයින් හඳුන්වන අතර දේශපාලන සාකච්ඡාවකට ලොව මෙතෙක් යෙදවූ දැවැන්තම ආරක්ෂක රැකවරණය මේ සඳහා යොදවන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now