සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් පිළිබඳ නව පනත් කෙටුම්පත ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී අද විවාදයට.

refugee bill

Source: Wikimedia

ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති සරණාගතයින් ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල අවසරය ලබා දීම සම්බන්ධ පනත් කෙටුම්පත අද ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

ස්වාධීන මන්ත්‍රිනී වෛද්‍ය Kerryn Phelps  විසින් මෙම කෙටුම්පත් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාවට කම්කරු පක්ෂය කොන්දේසි සහිතව සහය පළ කරන බව වාර්තා වේ.

යම් නීති විරෝධී සංක්‍රමණිකයෙකු හෝ සරණාගතයෙකු මේ හරහා ඔස්ට්‍රේලියාවට පිවිසීමට යාමේදී ඔහුගේ හෝ ඇයගේ චරිත සහතිකය මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ස්වදේශ කටයුතු ඇමතිවරයාට බලතල ලබා දිය යුතුය යන සංශෝධනය මෙයට එක් කළ යුතු බව කම්කරු පක්ෂය පවසයි.

එමෙන්ම මෙම නීතිය බලාත්මක වන්නේ ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති සරණාගතයින්ට සහ නීති විරෝධී සංක්‍රමණිකයින්ට පමණක් බවත් කම්කරු පක්ෂය අවධාරණය කරයි.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට පිවිසීමේ සරණාගතයින්ගේ සහ නීති විරෝධී සංක්‍රමණිකයින්ගේ උත්සාහය මේ හේතුවෙන් සාර්ථක වන බවත් එය දේශ සීමා ආරක්ෂණ පද්ධතියට හානියක් සිදුකරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

නීති විරෝධී යාත්‍රා මගින් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට පැමිණීම මෙම නීතිය හරහා නැවතත් ඉහළ යන බව අගමැති Scott Morrison පවසයි.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now