නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 7 දෙනෙකු ශ්‍රී ලංකා වේලාවෙන් අද (31/05) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්හ.
ඒ අනුව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ද , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අතර විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ලෙස වසන්ත සේනානායක මහතා ද වාරිමාර්ග රාජ්‍ය ඇමැති ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා ද ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දුන්නේය.
කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන සහ කන්ද උඩරට උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලෙස රංජන් රාමනායක මහතාත් අද දිවුරුම් දුන්හ.

