SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්ත කුලී නිවාස හිමියන් හට වැඩි අයිතීන් ලබාදෙන නව වැඩපිළිවෙලක්...

vic
Source: AAP

1 min read

Published

By Charitha Adikari


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්ත කුලී නිවාස හිමියන් හට වැඩි අයිතීන් ලබාදෙන යෝජනා මාලාවක් වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි. මේ යටතේ ප්‍රතිසංස්කරණ 130ක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පසුගියදා සදහන් කළේය.

 

දැනට පවතින නීති අනුව යහපත් ක්‍රියාකාරිත්වයකින් යුත් නිවස උණුසුම් කරන උපකරණ, DeadLocks , ආරක්‍ෂිත ගෑස් සහ විදුලි බල පද්ධතියක්, Smoke alarm සහ හොද තත්වයේ අහාර පිළියෙළ කිරීමට භාවිත කරන ලිපක් කුලියට ලබාදෙන නිවසක තිබිය යුතු අනිවාර්ය උපාංග ලෙස සදහන්.

 

අලුත් සංශෝධන යටතේ දැනට නිවාස කුලිය ගැනීමේදී ක්‍රියාත්මක Bidding ක්‍රමවේදය අහෝසි කිරීමට යෝජනා වී ඇති අතර, කුලිය ඉහල දැමීම වසරකට එක් වතාවකට පමණක් සිමා කිරීමටද යෝජනා වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now