SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා උපත ලබයි.

New Royal baby
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු ගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේටි කුමරිය ඇගේ තෙවැනි දරුවාට ඊයේ දිනයේදී උපත ලබා දුන් බව වාර්තා වේ.

මෙසේ උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙකු බවත් බ්‍රිතාන්‍යයේ  ඔටුන්න හිමි පස්වැන්නා ලෙස ඔහු හැඳින්වෙන බවත් බ්‍රිතාන්‍යයේ කෙන්සිංග්ටන් මාලිගාව නිවේදනය කර තිබේ.

ලන්ඩන් නුවර පැඩින්ග්ටන් හි පිහිටි ශාන්ත මේරි රෝහලේදී කේටි කුමරිය තම තුන්වන දරුවාව ප්‍රසූත කර ඇත.

එම අලුත උපන් කුමරු දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ හයවැනි මී මුණුපුරා වන බවද වාර්තා වේ.

New Royal baby
Source: EPA

බ්‍රිතාන්‍යයේ රජ පවුලට සම්බන්ධව 2013 වසරේ සිදු කරන ලද නෛතික වෙනස්කම් වලට අනුව නව බිලිඳු කුමරාගේ සොහොයුරිය වන චාලට් කුමරිය බ්‍රිතාන්‍යය රජ කිරුළට හිමිකම් කීමේ අයිතිය අතින් සිව්වෙනි තැන හිමිකරගැනීමට සමත් විය.

මෙම නව නීති හඳුන්වා දීමට පෙර කාන්තාවකට බ්‍රිතාන්‍යය රජ කිරුළ දැරීමේ අයිතිය උරුම වුයේ රජ පවුලේ පිරිමින් නොසිටියහොත් පමණි.

විලියම් සහ කේටි කුමරියගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු 2013 වසරේත් එම පවුලේ දෙවැන්නිය වන චාලට් කුමරිය 2015 වසරේත් උපත ලැබූහ.

අලුත උපන් රාජකීය කුමරාගේ නම පසුව ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත අතර ඔහු සඳහා නම් කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ඒ අතර ආතර්, ඇල්බට්, ෆෙඩ්රික් සහ පිලිප් යන නම් පෙරමුණ ගෙන තිබෙන බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now