SKIP TO MAIN CONTENT

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රීලනිප මතය වන්නේ 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම බව අමාත්‍ය මහින්ද සමරසිංහ හෙළිකරයි. (වීඩියෝ සහිතයි)

Minister Sarath Amunugama_ Sri Lanka
Minister Sarath Amunugama_ Sri Lanka

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

රාජ්‍ය ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදීමේ පූරණ බලය ව්‍යවස්ථානුකූලව හිමිව ඇත්තේ ජනාධිපතිවරයාට වන බැවින් හමුදා හෝ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ බලයක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාට නොමැති බව අමාත්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටී.

ව්‍යවස්ථානුකූලව ආරක්ෂක අංශය ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට වන බවත් එය මෙරට මූලික පදනම වන ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් යැයි ඉකුත්දා හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පැවැති කාර්යයමණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා සඳහන් කළේය.

යුද හමුදාව සම්බන්ධයෙන් කිසිදු තිරණයක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට හෝ වෙනත් අයෙකුට ගත නොහැකි යැයි කී අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

"....ආරක්ෂාව සදහා දිවයිනේ ඕනෑම ස්ථානයක හමුදා යෙදවීමට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමාට බලය හිමියි. ප්‍රධාන අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළා කියා , රජ්‍ය නිලධාරීන් සිය රාජකාරී නොකර ඉදියි යැයි මම විශ්වාස කරන්නේ නැහැ. දේශපාලඥයන් තම තමන්ගේ ප්‍රාන්ත බලය ලබා ගැනීම සඳහා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඔවුන් උත්සහ කරන්නේ සිය ඡන්ද පදනම සකස් කර ගැනීමටයි. නමුත් ඒ සියල්ල අභිභවා රටේ මූලික නීතියට මුල් තැන ලබා දිය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ 13වන සංශෝධනය සර්වප්‍රකාරයෙන් ක්‍රියාත්මක කරනු විනා වෙන බලතල ලබාදීමට අවශ්‍ය නොවන බවයි. 13 වන ව්‍යවස්ථාව, ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ද්‍රවිඩ නායකයන් සකස් කර ගෙන ඇති ගිවිසුමක්. පළාත් සභා සදහා යම් තරමක් දුරට ඉඩම්, පොලිස් බලතල ලබා දුන් නමුත් ඉන් ඒකීය භාවයට ගැටලු ඇති වන්නේ නැහැ. එය ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගෙන තිබෙනවා.

මේ ඡන්ද ක්‍රමය තුළ බොහෝ විට අනාගතයේදී ඇති වෙන්නේ සභාග ආණ්ඩුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සිට කරූ ජයසූරිය මහතා ඇතුලු18 දෙනෙකු ඇමතිධූර ලබමින් ආණ්ඩුව එක්වුණා. සභාග යන නම නොතිබුණත් එවිට සිදුවුණේ ද දැන් පවතින තත්ත්වයයි. ඒ අයුරින්ම ඉදිරියේදී ද මෙවැනි සභාග ආණ්ඩු පත් වෙනවා. මෙම ව්‍යවස්ථාව තිබෙන තුරු පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නම් සභාගයක් තිබිය යුතුයි...." යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SBS සිංහල ගුවන්විදුලියේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයු තොරතුරු ඇසුරිනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now