SKIP TO MAIN CONTENT

මහනුවර පාසල් ඇරඹීම තවත් සති දෙකකින් කල් යයි

Kandy School Opening Postpone
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

මහනුවර පාසල් ඇරඹීම තවත් සති දෙකකින් පමණ කල් දමන ලෙස මහනුවර පාසල් රැසක විදුහල්පතිවරුන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ පිළිබඳව සාකච්ඡාවක් විදුහල්පතිවරු හා ආණ්ඩුකාරවරයා අතර මාර්තූ පළමුවනදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති අතර එහිදී ඇතැම් ප්‍රදේශ තවමත් සෝදිසි මෙහෙයුම් වලට ලක්ව නොමැති බැවින් පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වියයුතු යැයි විදුහල්පතිවරු දන්වා ඇත.

ආරක්ෂක අංශ ඉතාමත්ම යුහුසුලුව සියලු සෝදිසි මෙහෙයුම් කලත් ඇතැම් ප්‍රදේශ තවමත් මග හැරී ඇති බැවින් පාසල් පවා අනතුරුදායක තත්වයකට පත්විය හැකි යැයි විදුහල්පතිවරු ආණ්ඩුකාරතුමාට දන්වා සිටියහ.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කොට කඩිනම් තීරණයක් දැනුම් දෙන බව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මහනුවර ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්ට එහිදී දැනුම් දුන්නේය.

 

SBS correspondent - Nadeeka Bandara 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now