සෞදියෙන් පළා ආ තරුණියට සරණාගත භාවය ලබා දීම පිළිබඳ තවම තීරණයක් ගෙන නොමැති බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

Australia is yet to make a decision about whether to grant asylum to the teenage Saudi woman detained in Thailand.

Source: SBS

සෞදියෙන් පළාවිත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගමනේදී තායිලන්තයේ රඳවාගෙන සිටින 18 හැවිරිදි සෞදි තරුණියට ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය ලබා දීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Marise Payne පවසයි.

සෞදියේ සිට ඔස්ට්‍රේලියාව බලා සංචාරක වීසා මත පැමිණි Rahaf Mohammed Alqunun නැමති මෙම තරුණිය පසුගිය සෙනසුරාදා (05/01) තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපොළේදී සැකපිට රඳවා ප්‍රශ්න කරන්නට විය.

ඇගේ පවුල තුළින් පැමිණෙන පීඩනය දරාගත නොහැකිව ඇය පළා යන බවත් නැවතත් ඇගේ මව් රටට යාමට ඇය බියක් දක්වන  බවත් එහිදී ඇය පැවසුවාය.

ඇය ඔස්ට්‍රේලියාවේ සරනගතභාවය අපේක්ෂා කරන බවත් එහිදී පවසා ඇති අතර ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම ඇගේ ඉල්ලීම පිළිබඳ සලකා බලන ලෙස ඔස්ට්‍රේලියාවට නිර්දේශයක් නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් පියවරෙන් පියවර ඔස්ට්‍රේලියානු රජය කටයතු කරන බව විදේශ ඇමතිනී  Marise Payne පැවසුවාය.

පෙර පුවත


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now