SKIP TO MAIN CONTENT

දකණු අප්‍රිකාවට එරෙහි එක් දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හට

Mathews steps down as Sri Lanka captain.
Source: AFP

1 min read

Published

By Sanjaya Dissanayake


Skip to article content

එලඹෙන 29 දා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක් දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ. මේ වසරේ ජනවාරි මාසයේදී ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක් දින කණඩායමේ නායකත්වයට නැවතත් පත් කලද අබාධ හේතුවෙන් ඔහුට කණ්ඩායමට එක් වීමට නොහැකි විය. පසුගිය වකවානුව තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කල දිනේෂ් චන්දිමාල් හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් එක් දින තරග 4ක තහනමක් පැනවූ අතර ඔහු, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක් තරගාවලිය සදහා වූ සංචිතයට නම් කර නොමැති බව සදහන්.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත එක් දින තරගාවලිය එලඹෙන 29 දා දඹුල්ලේදී ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන 20-20 තරගය අගෝස්තු 14දා පැවැත්වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now