SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු 2 වන ටෙස්ට් තරගය - පළමු දිනයේ උදෑසනම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ක්‍රියාත්මක වෙති.

2nd Test, Sri Lanka tour of Australia at Canberra
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේදී අද (01/02) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිළ ආරම්භයේදී ඉතා හොඳ පන්දු යැවීමක නිරත වුයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කඩුලු ත්‍රිත්වය ලකුණු 28 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුණි.

නමුත් ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Joe Burns සහ Travis Head අගනා ලකුණු 75 ක සම්බන්ධතාවක් මේ දක්වා පවත්වාගෙන පැමිණ තිබේ.

මේ වන විට Joe Burns නොදැවී ලකුණු 46 ක්ද Travis Head නොදැවී ලකුණු 39 ක් ද ලබා සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වන විට විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක්ද චාමික කරුණාරත්න එක් කඩුල්ලක්ද ලබා සිටියි.

චාමික කරුණාරත්න තම ටෙස්ට් දිවියේ මංගල කඩුල්ල ලබා ගැනීමට අද පෙරවරුවේ සමත්වීම තවත් විශේෂත්වයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now