SKIP TO MAIN CONTENT

බැඳුම්කර වංචාවේ තවත් රහස් හෙළිකිරීමට රත්වත්තේ සැරසෙයි.

Rathwaththe will go to reveal more secret about central Bank Bond Issue.
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර වංචාව පිළිබදව පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු සිව්දෙනෙකුගේ ක්‍රියාකාරකම් පිළිබදව සාක්ෂි සහිතව හෙළි කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැල්ලවායේදී කළ අභියෝගයක් අනුව බැදුම්කර විවාදය පැවැත්වෙන බවත් ඊට ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන්ම  සහභාගීවන බවත් මහනුවර පූර්ණවත්තේදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.

බැදුම්කර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහත්වරුන් ද හිටපු ජනපතිනිය ඇතුලු බැදුම්කර වංචාව සම්බන්ධ පාර්ශව පිළිබදව හෙළි කරන බවත් එදිනට තවත් සැගවුණු තොරතුරු රැසක් අනාවරණය කරන බවත් කී ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

"අද ඇතැම් නායකයන් බැදුම්කර වංචාව පිළිබදව කථා කරන්නේ නැහැ. ඔවුන් ද මේකට සම්බන්ධයි. රටේ නායකයන්ට පවා මෙම වංචාවෙන් මුදල් ලැබෙනවා යැයි මම විශ්වාස කරනවා. ඒ සියල්ල පාර්ලිමේන්තු විවාදයේදී අනාවරණය කළ හැකියි. රවී කරුණානායක මහතා පක්ෂයේ උපනායක තනතුරින් ඉවත් කොට ඔහු පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමෙන් සිදුකර ඇත්තේ ජනතාව මුළා කිරීමක් පමණයි. මුදල් වංචාවලට සම්බන්ධවූ ඔහු සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව සිරගතවයි."


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now