SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ජනපති ඇතුළු ප්‍රභූ ඝාතන සැලැස්මට අදාළ පරීක්ෂණ සඳහා මන්ත්‍රීවරු දෙදෙනෙකුගෙන් ප්‍රකශ ලබාගැනීමට රහස් පොලීසිය සැරසෙයි.

Wimal & Shashi Weerawansha _ Namal Rajapaksha
Wimal & Shashi Weerawansha _ Namal Rajapaksha

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ චෝදනාවට සම්බන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විමල් වීවංශ, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ යන අයවලුන් ඉදිරි සතියේ රහස් පොලිසියට ගෙන්වීමට කටයුතු කරන බව රහස් පොලිසිය විසින් ඊයේ දිනයේදී (Jan 16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය. මෙම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයේ පළමු සැකකරු වන ඉන්දියානු ජාතිකයා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනය සම්බන්දයෙන් මෙම ප්‍රකාශ ලබා ගැනිමට රහස් පොලිසිය බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් මේ වන විටත් ඔවුන් දැනුවත් කර ඇති බව රහස් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

දූෂණ විරෝධී බලකාය නම් වන සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාර විසින් මෙම ඝාතන සැලැස්ම පිලිබඳ කරුණු අනාවරණය කොට තිබිණ.

මේ අතර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ ඉන්දීයනු ජාතිකයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now