SKIP TO MAIN CONTENT

සරණාගතයින්ගේ වෛද්‍ය පහසුකම් දෙස මධ්‍යයම රජය වෙනම දෘෂ්ටි කෝණයකින් බලයි

Asylum seekers - nauru
FILE Source: AAP Image/Jason Oxenham

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ප්‍රාදේශීය සරණාගත රැඳවුම් කඳවුරු වල සිට ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය හා වෙනත් රටවලට සරණාගතයින් රැගෙන ඒම අධීක්ෂණය කිරීමට මධ්‍යයම රජය විසින් ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් ස්ථාපිත කර තිබේ.

මෙම නිවේදනය නිකුත් වන්නේ පාර්ලිමේන්තුවේ දී සම්මත වීමට තිබෙන, සරණාගතයින් රැඳවුම් කඳවුරේ සිට මූලික රෝහල්වල වෛද්‍ය පහසුකම් වෙත යොමු කිරීමට වෛද්‍යවරුන්ට බලය ලබා දෙන පනත ඉදිරිපත් වීමට පෙරය.

මෙම ප්‍රතිපත්තියේ අරමුණ සරණාගතයින් සඳහා අවශ්‍ය පහසුකම් නිසි ලෙස ලැබෙනවා ද යන්න අධීක්ෂණය කිරීම බව ආණ්ඩුව පවසයි.

මෙම පස්-පුද්ගල මණ්ඩලය සමන්විත වනුයේ කම්පන හා වධහිංසා වලින් පීඩා විඳි අයට උපකාර සපයන විශේෂඥයෙකු,  ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපතිවරයාට තරඟ වදින්නෙකු, පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රධාන වෛද්‍යවරයා විසින් නම් කරන ලද වෘත්තීයවේදීයෙකු හා දෙපාර්තමේන්තුව විසින් තෝරා ගනු ලැබූ විශේෂඥයන් දෙදෙනෙකුගෙනි.

ආගමන, පුරවැසි හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යා David Coleman පවසා සිටියේ වෛද්‍ය මණ්ඩලයේ සොයාගැනීම් අවසානයේ දී ක්‍රියාත්මක කිරීමට බලය ඇත්තේ රජයට බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now