SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගයේ 2 වන දිනය : ශ්‍රී ලංකා පිතිකරුවෝ නැවතත් අසාර්ථක වෙති.

Sri Lanka tour of South Africa
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ Durban හිදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 කට ලකුණු 126 ක් ලබා සිටියි.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ව ලකුණු 191 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 51 වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා එහිදී සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමා කිරීමට හැකි විය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක්ද කසුන් රාජිත කඩුලු 3 ක්ද ලබා ගත්තෝය.

අද (15/02) තරගයේ තුන්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now