සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ Durban හිදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 කට ලකුණු 126 ක් ලබා සිටියි.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ව ලකුණු 191 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 51 වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා එහිදී සමත් විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමා කිරීමට හැකි විය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක්ද කසුන් රාජිත කඩුලු 3 ක්ද ලබා ගත්තෝය.
අද (15/02) තරගයේ තුන්වන දිනය වේ.