SKIP TO MAIN CONTENT

ඉලෙක්ට්‍රොනික් දුම්වැටි වලට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ගෙන ආ අලුත්ම නීතිය මෙන්න.

E-cigarette users in NSW could be fined up to $550 if caught vaping in public spaces.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රසිද්ධ ස්ථාන වල සහ පොදු ප්‍රවාහන සේවා වල ඉලෙක්ට්‍රොනික් දුම්වැටි හෙවත් e-cigarettes භාවිතය තහනම් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඊයේ (11/04) රාත්‍රියේදී සම්මතවූ මෙම නීතිය එළඹෙන ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම තහනම කඩ කළහොත් කළහොත් ඩොලර් 550 ක් දක්වා දඩ මුදලක් නියම කෙරෙන බවද වාර්තා වේ.

මේ අනුව වෙළෙඳ සංකීර්ණ, සිනමා ශාලා, පුස්තකාල, දුම්රිය, බස් රථ, පොදු පිහිණුම් තටාක, ළමා ක්‍රීඩා උපකරණ  අවට, ක්‍රීඩාංගණ, පොදු ප්‍රවාහන සේවා නැවතුම්පොළ යන ස්ථාන ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන වල සහ පොදු ප්‍රවාහන සේවා වල මෙසේ ඉලෙක්ට්‍රොනික් දුම්වැටි භාවිතය තහනම් වේ.

මෙම නීතිය මේ වන විට ක්වීන්ස්ලන්තය, වික්ටෝරියා, ටස්මේනියා සහ ACT යන ප්‍රාන්ත හා ටෙරිටරි වල ක්‍රියාත්මක වන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිළිකා සභාව ප්‍රාන්ත රජයේ මෙම තීරණය පිළිබඳ තම ප්‍රසාදය පළ කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now