SKIP TO MAIN CONTENT

ඉතිහාසය වෙනස් කරමින් ලෝක කුසලාන රග්බි වංශ කතාවේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ආසියානු කණ්ඩායම බවට ජපානය පත්වෙයි.

Japan creates history as Rugby World Cup Quarter Finals set.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ජපානය ඊයේ සමත් විය.

මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ පැවැති පළමු වටයේ අවසන් තරගයේදී සත්කාරක ජපානය ලකුණු 28-21 කින් ස්කොට්ලන්තය පරාජය කරමින් අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ආසියානු කණ්ඩායම ලෙසද ජපානය ඉතිහාසගත වේ.

ජපානය 1987 පළමු රග්බි ලෝක කුසලානයේ සිට ආසියාව නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලි අටකට සහභාගි වී ඇති අතර පළමු වටයේ සියලුම තරග ජය ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.

ඒ අනුව A ඛාණ්ඩයෙන් ජපානය සහ අයරලන්තයත් B ඛාණ්ඩයෙන් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

එංගලන්තය සහ ප්‍රංශය C ඛාණ්ඩයෙන් සහ ඔස්ට්‍රේලියාව සහ වේල්සය D ඛාණ්ඩයෙන් මෙවර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now