Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ පවුල් වල ගෘහස්ත සේවා සහය සදහා විදෙස් සේවකයන්ට වෙනම වීසා කාණ්ඩයක් අවශ්‍ය බවට විවිද සංවිධාන රජයෙන් ඉල්ලා සිටී (SBS සිංහල/ වාර්තා)

Minister for Home Affairs Peter Dutton at a press conference at Parliament House in Canberra, Thursday, March 1, 2018. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Source: AAP

කර ඇත

ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබද අමාතය Peter Dutton විසින් නිවෙස් වල ගෘහස්ත අත් උදව්වට සිටි කාන්තාවන් දෙදෙනෙකු හට වීසා ලබා දෙමෙන් පසුව , nanny (ආයාවරුන්) සපයන ආයතන හා වෙනත් ආයතන එවන් රැකියා සදහා විශේෂ වීසා ක්‍රමයක් ඇති කිරීම පිලිබද විවද ඉල්ලීම් කරමින් සිටී

ඕස්ට්‍රේලියානු වාණිජ මන්ඩලයත් තවත් එවන් ආයතනත් මෙවැනි වීසා සදහා කාලයක් තිස්සෙ ඉල්ලීම් කර ඇති බවද සදහන්.

වසර 2015 දී මෙසේ අමාත්‍යවරයා විසින් වීසා ලබා දුන් සේවිකාව  බ්‍රිස්බන් ගුවන් තොටුපලේදී සිය වීසා අවලංගු වීමෙන් පසුව   අමාත්‍යවරයාට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ඇය ට වෙනත් වීසා එකක් ලැබී තිබේ . එම වසරේම නොවැම්බර් මස  තවත් සේවිකාවකට එවන් වීසා  එකක් ලැබී තිබේ.

නමුත් අමාත්‍ය Dutton පවසන්නේ මෙම කාන්තාවන් තමා වෙනුවෙන් සේවය නොකළ බවත් ඔවුන් නොහඳුනන බවයි.

Cultural Au Pair Association සංවිධානය පවසන්නේ මෙවන් ගෘහස්ත සේවා සදහා සේවකයින් වැරදි වීසා වල පැමිණීම වැලක්වීමට ඔවුන්ට විශේෂ වීසා කාණ්ඩයක්  හඳුන්වා දිය යුතු බවයි . එම සංවිධානය මේ වන තෙක් රජය සමග පැවැත්වූ සාකච්චා යහපත් බව පැවසේ . එසේම එම සේවකයන්ට අවම වැටුප ගෙවා ඔවුන් ට වසර 2ක රැකියා වීසා එකක් ලබා දීම ඔවුන්ගේ අපේක්ෂාවයි

දැනට working holiday වීසා එකක් තුලින් සමහර රට වලින් එන සේවකයින්ට මෙසේ නිවෙස් වල සේවය කල හැකි අතර ප්‍රථම මාස 6 එක පවුල කට සේවයේ යෙදිය හැකියි.  එය මාස 12ක් දක්වා දීර්ඝ කල හැකියි.

ACCI ආයතනයද මෙම ගෘහස්ත සේවා සදහා වෙනම වීසා එකක අවශ්‍යතාවය මතු කොට තිබේ . සමාජ සේවා අමාත්‍ය Dan Tehan මේ පිලිබදව රජය සලකා බලනු ඇති බව පැවසුවත් තවමත් ඒ ගැන ප්‍රකාශ කිරීම රජය ප්‍රතික්ෂේප කර ඇත


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now