SKIP TO MAIN CONTENT

පෙට්‍රල් හිගය පිළිබඳ පරීක්ෂණ වාර්තාව හෙට ජනපති අතට.

Petrol Delay Report
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකාවට බාල ඉන්ධන සහිත නැවක් පැමිණීම හා පෙට්‍රල් හිගයක් මතුවීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව හෙට (14/11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දෙන බව එම පරීක්ෂණ කමිටු සාමාජික අමාත්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

සෑම අංශයක් පිළිබදව පරීක්ෂණ කොට අදාළ වාර්තාව සකස් කර ඇති බවත්  බාල තෙල් නැවත් පැමිණීම හා ඉන්ධන හිගයක් දිවයින පුරා මතුවීම පිළිබදව කරුණවලින් එම වාර්තාව සමන්විත බවත්  මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා  පැවසීය.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතළිස්දහසකින් සමන්විත නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග ඉන්ධන හිගය අවසන් වූ බවත් ඉදිරියේදී තවත් නැව් කිහිපයක් මෙරටට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

මෙම වාර්තාවේ යථා තත්ත්වය හා කරුණු මෙහිදී පැහැදිල කළ නොහැකි යයිද  ජනාධිපතිවරයාට එය පිළිගැන්වීමෙන් පසු වැඩිදුර කරුණු පැහැදිලි වනු ඇතැයි ද ඒ මහතා පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now