Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ 2 වන දිනය : ලංකාවට අවාසනාවන්ත ආරම්භයක්.

Sri Lanka trail by 383 runs with 7 wickets remaining in the innings
Source: SBS

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (07/06) නිමා වන විට ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 3 කට ලකුණු 31 ක් ලබා සිටියි.

රොෂේන් ද සිල්වා එක් ලකුණක් ලබා ගනිමින් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 3 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටිති.

කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෝ වෙති.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තම පළමු ඉනිම කඩුලු 8 ක් බිඳ වැටී සිටියදී ලකුණු 4141 කට නවතදමා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

එහිදී කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Shane Dowrich නොදැවී ලකුණු 125 ක් ලබා ගත්තේය.

අද (08/06) තරගයේ තුන්වන දිනය වේ.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now