සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (07/06) නිමා වන විට ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 3 කට ලකුණු 31 ක් ලබා සිටියි.
රොෂේන් ද සිල්වා එක් ලකුණක් ලබා ගනිමින් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 3 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටිති.
කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෝ වෙති.
කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තම පළමු ඉනිම කඩුලු 8 ක් බිඳ වැටී සිටියදී ලකුණු 4141 කට නවතදමා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.
එහිදී කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Shane Dowrich නොදැවී ලකුණු 125 ක් ලබා ගත්තේය.
අද (08/06) තරගයේ තුන්වන දිනය වේ.