ගිනිකෙළි සංදර්ශන සමගින් ලංකාවට අවසන් තරගයේ දැවැන්ත ජයක්.

5th ODI (D/N), England tour of Sri Lanka at Colombo,

Source: AFP

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  ඊයේ (23/10) පැවැති පස්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 366 ක් රැස්කිරීමට සමත්විය.

නිරෝෂන් දික්වැල්ල (95), සධිර සමරවික්‍රම (54), දිනේෂ් චන්දිමාල් (80) සහ කුසල් මෙන්ඩිස් (56) යන මුල් පෙළ පිත්කරුවන් සිවුදෙනාම ලකුණු අතරට පැමිණීම මෙහිදී ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව ඉක්මවා යාමට රුකුලක් විය.

මෙම තරගයේදී සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම සමත් වූ අතර පන්දු 48 කට මුහුණදුන් ඔහු හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසීය. 

ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා වේගවත්ව ලකුණු රැස් කිරීම මෙහිදී විශේෂිත සිදුවීමක් වූ අතර හතරේ පහරවල් 32 ක් සහ හයේ පහරවල් 11 ක් ශ්‍රී ලංකා ඉනිමට ඇතුළත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 367 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 26.1 කදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132 ක් පමණි.

නමුත් වර්ෂාවට තරගය නතර කරනවිට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමේ ඉලක්කය 352 ක් විය.

කෙසේවෙතත් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ සමත් විය.

මෙය ශ්‍රී ලංකා එක් දින තරග ඉතිහාසයේ එංගලන්තයට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව ජයගත් තරගය ලෙසද හැඳින්වේ.

කෙසේනමුත් තරගාවලියේ ජය 3-1 ක් ලෙස එංගලන්ත කණ්ඩායම සතුවිය.

තරගයේ වීරයා සම්මානය නිරෝෂන් දික්වැල්ල ට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය එංගලන්තයේ Eoin Morgan හට හිමිවිය.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now