SKIP TO MAIN CONTENT

එ.ජා.ප යේ පසුපෙළ 6 කට අද නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දීම තුටු පඬුරු දී හිලෑ කරගැනීමක්ද?

United National Party_Sri Lanka
United National Party_Sri Lanka

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධූර ලබා දීමට තීරණය කර තිබෙන අතර ඉන් පස් දෙනෙකු අද (12) ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර මහතා දිවුරුම් දෙන අතර , ලකී ජයවර්ධන මහතා කඳුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අජිත් මාන්නප්පෙරුම මහතා මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් , රංජිත් අලුවිහාරේ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එඩ්වඩ් ගුණසේකර මහතා අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිව්රුම් දීමට නියමිතය.

මේ අතර සැලකිය යුතු කාලයක් කිසිදු අමාත්‍යධූරයක් ලබා නොතිබුණු මන්ත්‍රී බුද්ධික පතිරණ හට මෙවර වෙළඳ වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලැබීමට නියමිත බවද වාර්තාවේ.

දැනට විදේශගතව සිටින බැවින් එම නියෝජ්‍ය අමාත්‍යධූරය සඳහා ඔහු පසුව දිව්රුම් දෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now