SKIP TO MAIN CONTENT

ICC ටෙස්ට් ශූරතා යෂ්ඨිය ඉන්දියාවට.

Kohli presented with ICC Test Championship mace
Source: ICC

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනාගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ICC Test Championship Mace හෙවත් ICC ටෙස්ට් ශූරතා යෂ්ඨිය පසුගිය සති අන්තයේදී හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන ඉන්දියාවේ Sunil Gavaskar සහ දකුණු අප්‍රිකාවේ Graeme Pollock අතින් පිරි නැමිණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෙම ICC ටෙස්ට් ශූරතා යෂ්ඨිය ඉන්දීය නායක විරාත් කෝලි හට පිරිනැමුණි.

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය ජයග්‍රාහී ලෙස අවසන් කරමින් පැවති අවසාන ත්‍යාග ප්‍රධාන උත්සවයේදී මෙම ICC ටෙස්ට් ශූරතා යෂ්ඨිය පිරි නැමුණි.

ඉන්දියාව මේ වන විට ටෙස්ට් තරග 44 කට සහභාගී වී ප්‍රසාද ලකුණු 5,313 ක් සහ වර්ගීකරණ ලකුණු 121 ක් ලබා ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනා සිටියි.

ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පිළිවෙලින් ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි හා තුන්වන ස්ථාන දිනා ඇත.

ශ්‍රී ලංකාවට එම ලයිස්තුවේ හිමිව ඇත්තේ 6 වන ස්ථානය වේ.

ICC Test Cricket Ranking
Source: ICC

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now