SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක් දින තරගය : ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක්.

Sri Lanka tour of South Africa
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් සමන්විත එක් දින තරගාවලියේ ඊයේ (03/03) පැවති පළමු එක් දින තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

එහිදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ඉතා ඉක්මණින් දැවී ගිය අතර පසුව පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් ජනිත් පෙරේරා වේගවත් පිතිකරණයක නිරතවෙමින් ශ්‍රී ලංකා පිළේ ලකුණු තත්ත්වය ඉහළ දමන්නට සමත් විය.

ලකුණු 33 කට කුසල් ජනිත් දැවී ගිය පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ද ඕෂධ ප්‍රනාන්දු සමග එක්වී සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිළේ ලකුණු තත්ත්වය ඉහළ දමන්නට කටයුතු කළේය.

නමුත් කුසල් මෙන්ඩිස් සමග පැවති දුර්වල සන්නිවේදනය නිසාවෙන්  තම එක් දින තරග දිවියේ මංගල අර්ධ ශතකයට එක් ලකුණක් තිබියදී ඕෂධ ප්‍රනාන්දු දුවද්දී දැවී ගියේය.

ඔහුගේ ලකුණු 49 ට හතරේ පහරවල් 5 ක් සහ හයේ පහරවල් 2ක්  ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක්ද ධනංජය ද සිල්වා ලකුණු 39 ක්ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිළේ පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් ලකුණු 300 ඉලක්කයක් වෙත යාමට තිබූ ශ්‍රී ලංකා පිළේ මුළු ලකුණු ප්‍රමාණය පන්දුවාර 50 අවසානයේ ලකුණු 231 කට සීමා විය.

පිළිතුරු ඉනිම ඇරඹු දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පිළේ දුර්වල පන්දු යැවීම සහ දුර්වල පන්දු රැකීම හමුවේ කඩුලු 2 ක් පමණක් බිඳ වැටී ලකුණු 232 ක් ලබා ගත්තේය.

ඒ අනුව කඩුලු 8 ක් අතැතිව පන්දු 67 ක් ඉතිරිව තිබියදී ඔවුන් පළමු තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවන් නායක du Plessis නොදැවී ලකුණු 112 ක් ද Quinton de Kock ලකුණු 81 ක්ද ලබාගත්තේය.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකානු නායක du Plessis හට හිමිවිය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක් දින තරගය මාර්තු 06 වන දින පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now