SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වල සේවකයින් ට Flu එන්නත අනිවාර්ය කරයි.

Aged-care homes required to provide flu jab to staff.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වල සේවයේ නියුතු අය  සදහා උණ  සෙම්පතියශ්‍යා තත්වයන් සදහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

පසුගිය වසරේ වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව  උණ  සෙම්පතියශ්‍යා තත්ත්වයන් පැතිර යාම හේතුවෙන් වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වල වාසය කල 1100කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත් වූ අතර, එම තත්වයට පිළියමක් ලෙස රජය මෙම පියවර ගෙන ඇත.

අදාළ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම අනිවාර්යය කරන බව රජය නිල වශයෙන් නිවේදනය කරන බව පසුගියදා සෞඛ්‍ය  අමාත්‍ය Greg Hunt සහ වැඩිහිටි සුරැකුම් සේවා අමාත්‍ය  Ken Wyatt ප්‍රකාශ කළෝය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now