SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය පළමු දරු උපතට සැරසෙයි.

Prince Harry and Meghan Markle are expecting a baby
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ හෙවත් සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් කුමරිය ගැබ් ගෙන ඇති බව ඊයේ (15/10) දිනයේදී කෙන්සින්ටන් මාළිගාව ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

මෙම රාජකීය යුවළ ඊයේ පෙරවරුවේ සිඩ්නි ගුවන්තොටුපොළින් ඔස්ට්‍රේලියාවට ගොඩබට අතර ඊට පැය කිහිපයකට පසුව මෙම පුවත .වාර්තා කෙරිණි.

Prince Harry and Meghan Markle are expecting a baby
Source: Twitter

හැරී සහ මේගන් යුවළ ඔස්ට්‍රේලියාව, ෆිජී සහ ටොන්ගා දූපත් මෙන්ම නවසීලන්තය යන රවටල පුරා දින 16 ක සංචාරයක් සඳහා මෙසේ පැමිණ තිබේ.

කෙසේවෙතත්, මේගන් කුමරිය තම දරු උපත ලබන වසරේ වසන්ත සමයේදී සිදු කරනු ඇතැයි කෙන්සින්ටන් මාළිගාව පවසයි.

හැරී සහ මේගන් යුවළගේ මෙම දරුවා බ්‍රිතාන්‍ය මහ රැජිනගේ මුණුපුර මිණිපිරී පරපුරේ 7 වැන්නා ලෙසද වාර්තා වේ.

නව රාජකීය යුවළගේ ඔස්ට්‍රේලියානු සංචාරය නිල වශයෙන් අදින් (16/10) ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now