SKIP TO MAIN CONTENT

සුදුසු පරිසරය සකස් වෙනවා නම් ලංකාවේ විශිෂ්ඨතම සේවය රාජ්‍ය සේවයයි : නව ජනාධිපති ලේකම් ගෙන් ප්‍රකාශයක් (වීඩියෝ සහිතයි)

New President’s Secretary Udaya Seneviratne Visit Malwathu Asgiri Maha Nayake Thero
New President’s Secretary Udaya Seneviratne Visit Malwathu Asgiri Maha Nayake Thero 2018.07.07 Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

සියලු රාජ්‍ය සේවකයන් සමග අත්වැල් බැද ගනිමින් රාජ්‍ය ප්‍රතිපත්ති අනුව විශ්ෂ්ඨ ජනතා සේවයක් කිරීම තම අපේක්ෂාව වන බව නව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි. නව ධූරයට පත් ඒ මහතා ඉකුත්දා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව නව ජනපති ලේකම්වරයා මාධ්‍ය හමුවේ මේ බව පවසා සිටියේය..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් නව පත්වීම තුළින් යළිත් විශිෂ්ඨ රාජ්‍ය සේවයක් කිරීම සදහා අවස්ථාව හිමිවූ බව කී ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

"...දේශපාලන නායකත්වයේ මග පෙන්වීම යටතේ රටේ ප්‍රතිපත්ති අනුව මනා වූ මහජන මෙහෙවරක් කිරීමයි අපේක්ෂාව. ජනතාව වෙනුවෙන් සේවය කිරීම සදහා අවස්ථාව ලැබීම පිළීබදව මම සතුටු වෙනවා. රාජ්‍ය සේවකයා ජනතාවගේ බදු මුදලින් යැපෙන අයෙක්. ඔහු ජනතාවගේ දුක වඩා හොදින් දන්නවා. සුදුසු පරිසරය සකස් වෙනවා නම් මෙරට විශිෂ්ඨතම සේවය බවට පත් වන්නේ රාජ්‍ය සේවයයි.

බලයට පත්වන රජයන්ගේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් ඒ ප්‍රතිපත්ති නිසි අයුරින් ක්‍රියාවට නංවා ඔවුන් පුරෝගාමී මෙහෙවරක් කරනවා. රටේ සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය සේවකයන් විශිෂ්ඨ සේවයක් කොට තිබෙනවා.

රට සංවර්ධනයේදී ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධාන අපේක්ෂාවක්. ග්‍රාමීය අවශ්‍යතා සපුරාලමින් ගම දියුණු කොට රට සංවර්ධනය කිරීම ප්‍රධාන අපේක්ෂාව...." යැයි නව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිතරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SBS සිංහල ගුවන්විදුලියේ නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයූ තිරතුරු ඇසුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now