Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මහනුවර ගැටුමේදී වැඩි හානිය මුස්ලිම් අයට නිසා යුරෝපා සංගමය ඔවුන්ගේ ගැටලු දෙස වැඩි අවධානයක් යොමු කරනවා : යුරෝපා සංගම් නියෝජිතයෝ පවසති (වීඩියෝ)

EU ambassador in Sri Lanka

EU ambassador in Sri Lanka Source: SBS Sinhala

මහනුවර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස ශ්‍රීලංකා ජනපති විසින් කොමිසමක් පත්කර තිබෙන බැවින් එහි අභ්‍යන්තර ස්වරූපය ඉදිරියේදී හෙළිදරව් වනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම් හෝ බලපෑම් කිරීමට යුරෝපා සංගමය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත්  යුරෝපා සංගමයේ තානාපති ටියුන්ග් ලායි මාර්ගුයි (Tung-Lai-Margue) මහතා ප්‍රකාශ කළේය.

ජාතික සංහිඳියාව සඳහා පාර්ලිමේන්තුව තුළ ගන්නා තීන්දු තීරණ සාර්ථක වන්නේ ප්‍රජාව ඊට දක්වන දායකත්වය මත බවත් පූජ්‍ය පක්ෂය,විද්වතුන්,ව්‍යපාරිකයින් ඇතුළු සියලු කණ්ඩායම් මෙහිදී අවංකව අදහස් දක්වමින් විවෘත සංවාදයකට එළඹීම අත්‍යවශ්‍යය කරුණක් බවත් ඒ මහතා කීය.

ශ්‍රීලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේදී පසුගියදා (28) පැවැති මාධ්‍යය හමුවකදී තානාපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණ බෞද්ධ හා මුස්ලිම් ආගමික නායකයින් බැහැදැක,විපතට පත්වූවන් හා එම ස්ථාන දැක බලා ගනිමින් තමන් ඇතුළු පිරිස උත්සහ කළේ මහනුවර සිද්ධිය පිළිබඳ පැහැදිලි දැනුවත් බවක් ලබා ගැනීමට බවත් මේ ඔස්සේ වර්තා සකස් කිරීමට හෝ රජයට යම් බලපෑම් එල්ල කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

ජාතීන් අතර අනවබෝධයක් හා නිවැරදි ලෙස තොරතුරු හුවමාරු නොවීමේ ගැටලුවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් මේවා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම තුළින් අනාගතයේදී මෙවැනි සිදුවීම් වලක්වා ගත හැකි බවත් ඒ මහතා කීවේය.

මෙම සිදුවීමේදී හානි සිදුව තිබෙන්නේ මුස්ලිම් ප්‍රජාවට හා ඔවුන්ගේ දේපොළ වලට බැවින් යුරෝපා සංගමය ඔවුන්ගේ ගැටලු දෙස වැඩි අවධානයක් යොමු කරන බවත් එමඟින් සිංහල ජනතාවට එරෙහිව කටයුතු කිරීමක් කිසි විටෙකින් සිදු නොවන බවත් හෙතෙම පැවසුවේය.

මෙහිදී සිංහල බෞද්ධ ජන පිරිසක් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර පහර දීමක් සිදුව තිබෙන නමුත් මෙය ජනවාර්ගික ගැටුමක් ලෙස තමන්ද නොදකින බවත් තානාපතිවරයා කීය.

මෙහිදී අදහස් දැක්වූ ස්විස්ටර්ලන්ත  තානාපති හේන්ස් වෝල්ටර් නෙඩර්කෝර්න් (Heinz Walter Nederkoorn) මහතා රටවල් වල පවතින ගැටුම් වලින් 90 % කටම බලපා තිබෙන්නේ එම රටවල අභ්‍යන්තර හේතූන් බවත් ඒවාට විසඳුම් සෙවීමේ හැකියාවද 90 % ක්ම පවතින්නේ රට තුළින්ම බවත් ප්‍රකාශ කළේය.

මෙය ශ්‍රීලංකාව තුළ ඇතිවූ ප්‍රශ්නයක් නිසා මෙවැනි ගැටුම් යළි ඇති නොවීම සඳහා අවශ්‍යය විසඳුම් රට තුළින්ම සොයාගත  බවත් එහිදී  සිංහල බෞද්ධ ජනතාව සමඟ මුස්ලිම් හා දෙමළ ප්‍රජාවද එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඒ මහතා කීය.

ශ්‍රීලංකාවට පැමිණ තේ කෝප්පයක් පානය කරන විට එය ශ්‍රීලංකන් ටී ලෙස හඳුන්වනවා මිස සිංහල තේ,මුස්ලිම් තේ හෝ දෙමළ තේ ලෙස නොහඳුන්වන බවත් ශ්‍රීලංකාවේ සියලු ජාතීන් ශ්‍රීලංකිකයින් ලෙස කටයුතු කිරීම ප්‍රශ්න අවම වීමට හේතුවක් වනු ඇති බවත් හෙතෙම කීය.

රුමේනියානු තානාපති වික්ටර් චියුඩියා(Victor Chiudea) මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now