SKIP TO MAIN CONTENT

COPE වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන තුරු ඒ පිළිබඳ විස්තර හෙළි නොකළ යුතුයි : සුසිල් ප්‍රේම්ජයන්ත්.

SL Cope Committee
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

COPE කමිටුව නොහොත් පොදුව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබද අවබෝධයෙන් යුතුව අදහස් පළ කළ යුතු බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.

කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කමිටුවාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සභාගත කරනතුරුම වාර්තාවේ අන්තර්ගතය පිළිබදව අදහස් පළ නොකරන නමුත් වර්තමානයේදී එවැනි සම්ප්‍රදායක් දැකිය නොහැකි බව මහනුවර අමායා හෝටලයේදී ඊයේ (22/11) පැවැති සම්මාන ප්‍රදානෝත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව පැවසුවේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ සිංගප්පූරුවේ නැන් යෑන්ග් (Nan Yang) තාක්ෂණික විශ්ව විද්‍යාලය එක්ව දියත්කළ ජලාශ පද්ධති හා ජල පෝෂක කලාප සුරක්ෂිතතාව වෙනුවෙන් සේවය කළ ආයතන හා පුද්ගලයන්ට සම්මාන ප්‍රදානය කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.

සම්මාන ප්‍රදානෝත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“බැදුම්කර වංචාව පිළිබදව කරුණු සකස් කළ පළමු කෝප් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන්  මමත් හිටියා. එහි සභාපතිවූයේ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතායි. අපේ වාර්තාව සභාගත කරන තෙක්ම අප ඒ සම්බන්ධයෙන් කිසිදු වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ. නමුත් අවාසනාවට ඒ සභාගතකළ දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මම අවුරුදු පහක් කෝප් කමිටුවේ කටයුතු කොට තිබෙනවා. කෝප් කමිටු සාමාජිකයන් එහි කටයුතු පිළිබදව විවිධ ප්‍රකාශ නොකළ යුතුයි. ඔවුන් ඒ සම්බන්ධ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ තමන්ගේ වගකීම අවබෝධකර ගත යුතුයි. එසේ නොකිරීම නිසයි අනවශ්‍ය ප්‍රශ්න මතුවී තිබෙන්නේ.”


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now