Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලංකාවේ දේශපාලන අර්බුදය නිමා කරන හැටි චම්පික කියයි.

Champika said how to end the Political crisis in Sri Lanka.

Source: SBS Sinhala

රටේ දේශපාලනික අර්බුදය නිමා කිරිමට නම් ජනතාවට දැඩිව බලපා ඇති දැවෙන ප්‍රශ්න සදහා කඩිනම් සාර්ථීක විසදුම් ලබා දිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

මේ සදහා ආණ්ඩුවට බලගතු ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත් ඒ තුළින් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන කණ්ඩායම් දෙකට එකගවිය හැකි වැඩපිළිවෙලක් රට හමුවේ තබා ක්‍රියාත්මක කළ හැකි බවත් ජාතික හෙළ උරුමයේ මෙහෙයවීමෙන් කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

දින සියයේ වැඩපිළිවෙල ඇතුලුව විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශයන් ආණ්ඩුව විසින් ජනතාවට ඉදිරිපත් කළ අතර එපමණක් නොව පසුගිය මැතිවරණයේදී ද විවිධ පොරොන්දු ලබා දුන් බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“රටට උචිත සමාජ, ආර්ථික, දේශපාලන වැඩිපිළිවෙලක් සකස් විය යුතුයි. මේ සදහා මාස 03ක හා මාස 18ක කාලයක් වලංගු වන පරිදි වැඩපිළිවෙලක් යෝජනා වී තිබෙනවා. මෙරට ජනතාවට මේ වන විට මතුව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ ජල හිගයයි. ජනතාවට පානීය ජලය ප්‍රමාණවත් නැහැ. ගොවියන්ට වගා කිරීමට ජලය නැහැ. කොළොන්නාවේ සිට කොළඹ දක්වා උග්‍ර පානීය ජල හිගයක් තිබෙනවා. පොහොර, සමෘද්ධි සහනාධාර ලබාදීම විධිමත් කළ යුතුයි. ජනතාව දුගී බවින් මිදීම සදහා කෙටි කාලීන වැඩිපිළිවෙලක් සකස් විය යුතුයි. ඉඩම් ඔප්පු ලබාදීම, නිවාස ඉදිකිරීම සදහා සහනාධාර ක්‍රමයක් ලබාදීම ආදිය කළ යුතුයි. ආර්ථික සහනාධාර ලබාදීමේදී මෙරට දුගී බවේ පතුලේ සිටින පවුල් ලක්ෂ 06ක් ඉන්නවා, ඔවුන් ඉලක්ක කර ගත් විධිමත් වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. මෙරට සමෘද්ධි සහනාධාර හිමි පවුල් ප්‍රමාණය ලක්ෂ 14කි. ඔවුන්ට සමෘද්ධි ආධාර ලබා දෙන අතරේ ඉතා දිළිදු පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීම සදහා වැඩපිළිවෙලක් සකස් විය යුතුයි.”

විදුලි බල හිගය, ජල සැපයුම, ගුවන් තොටුපල අර්බුද නිමා කර ගැනීම, වැනි ආර්ථීක කරුණු මෙන්ම දූෂණ මර්ධනය, වැටුප් විෂමතා වළක්වා ගැනීම, සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාල වැනි සමාජ ගැටලු සදහා කඩිනම් විසදුම් ලබාදිය යුතු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now