SKIP TO MAIN CONTENT

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පුහුණ තරගය අද.

Sri Lanka takes Australia today as their 2nd Warm Up Match in ICC World Cup 2019.
Source: Facebook

1 min read

Published


Skip to article content

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් පුහුණ තරග දෙකක් අද දිනයේ පැවැත්වේ.

ඒ අනුව අද දිනයේ (27/05) පළමු පුහුණ තරගය ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද දෙවැනි පුහුණු තරගය එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර ද පැවැත්වේ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගය දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැත්වුණු අතර එයින් ලකුණු 87 ක පරාජයක් ශ්‍රී ලංකාවට අත් විය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙන පුහුණ තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණ දෙන පළමු තරගය නවසීලන්තය සමග ජුනි 01 වන දින පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now