1.ඔබ වියපත් වන විට ඔබේ මොලය නිරෝගීව තබයි
පර්යේෂණ වලින් පෙනී යන්නේ භාෂා දෙකක් කතා කල හැකි අයට දිමෙන්ශියාව වැලදීම පමා වන බවයි. එසේම එමගින් මොලය නොරෝගී වී වියපත් වීමේ බලපෑම් දරා ගැනීමේ හැකියාව වැඩි කරයි
http://dana.org/Cerebrum/2012/The_Cognitive_Benefits_of_Being_Bilingual

2. දරුවන්ට ඉගෙනීමේ වාසී අත් වේ
දරුවන්ට එක භාෂාවකට වඩා ඉගෙනීමට හැකියි , එක දිගටම එම අධ්‍යාපනය ලැබේ නම්. මව් භාෂාව පිලිබඳ දැනුමක් හෙවත් භාෂා දෙකක් පිලිබඳ හොඳ දැනුමක් ඇති දරුවන් ඉගෙනීම අතින් අනිත් දරුවන්ට වඩා ඉදිරියෙන් සිටී
http://www.cal.org/earlylang/benefits/marcos.html

3. එය ඔබේ රැකියා අවස්ථා වැඩි කරයි
භාෂා එකකට වැඩි ගණනක් දැන සිටීම තුලින් වැඩි රැකියා ගණනකට සුදුසුකම් හා වැඩි වැටුප් ලබා ගත හැකියි

4. එය ඔබට වෙනත් සංස්කෘතියකට දොරටු විවර කරයි
නව සංස්කෘතියකට දොරටු විවර කර , ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට විකල්ප මාර්ග ලබා දේ.

5. ඔබේ මව් භාෂාව හඳුනා ගැනීමෙන් තුන් වැනි භාෂාවක් ඉගෙනීම පහසු වේ
දෙවැනි භාෂාවක් ඉගෙනීම තුලින් ඔබට භාෂාවන් ක්‍රියා කරන ආකාරය පිලිබඳ වැටහීමක් ඇති වන බැවින් එය තුන් වැනි භාෂාවක් ඉගෙනීම පහසු කරයි

ඔබ දන්නවාද UNESCO සංවිධානය පවසන්නේ දැනට භාවිතා වන භාෂා 6000න අඩක් පමණ මේ සියවස අවසන් වන විට අතුරුදන් වී යා හැකි බව? පහත වෙබ් අඩවි තුලින් ලෝකයේ අවදානමට ලක්ව ඇති භාෂා පිලිබද දැන ගන්න
http://www.unesco.org/new/en/culture/themes/endangered-languages/
http://www.unesco.org/languages-atlas/
භාෂා ඉගෙනීම පිලිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවියෙන්
http://eltlearningjourneys.com/2015/04/13/5-benefits-of-being-bilingual

