SBS සිංහල වැඩසටහන දෙමාපියන් සඳහා ඕස්ට්‍රේලියානු වීසා ලබා ගැනීම පිලිබඳ තොරතුරු පියවර 5 කින් ඔබ වෙත එයි

ඔස්ට්‍රේලියාව තුල දෙමාපියන් සඳහා ඕස්ට්‍රේලියානු ස්ථීර පදිංචි වීසා ලබා ගැනීම දිගු කාලයක් ගත වන ඉතා වියදම් අධික ක්‍රියාවලියක්. සමහරුන් ඒ සඳහා වසර 30ක් පමණ බලා සිටිනවා. මේ සඳහා ඇති වෙනත් විකල්ප මොනවාද ?

Australian immigration departure passport stamp

Departure stamp on the inside page of a passport. Source: Getty Images Europe

1.ඔබගේ දායකත්වය සහිත Contributory හා දායකත්වයක් නොමැති Non Contributory ලෙස වීසා වර්ග 2ක් තිබේ.

Non Contributory වීසා සඳහා ගාස්තුව ඩොලර් 5900ක් පමණ වුවත් ඒ සඳහා වසර 18-30ක කාලයක් ගත වේ. Contributory වීස සඳහා ගාස්තුව එක අයෙකුට ඩොලර් 45000 -55000ක් පමණ වැය වුවත් එය වසර 2න් ලැබේ

non contributory
Source: SBS

2.වීසා අයදුම් කරන විටත් වීසා ලබා දීමේදීත් සෞඛ්‍ය හා චරිතය පිලිබද පරීක්ෂාවක් කරනු ලැබේ

medical
Source: Getty Images Europe

3.එසේත් නැත්නම් දෙමාපියන්ට ඩොලර් 29130ක් ගෙවා කාණ්ඩ 173 හෝ 884 වන තාවකාලික වීසා සඳහා අයදුම් කල හැකියි.

ඒ අනුව වසර 2ක් medicare හා පුර්ණ කාලීන රැකියා කිරීමේ අයිතිය හිමිවේ . ඒ කාලයේදී කාණ්ඩ 143 contributory වීසා සඳහා අවශ්‍ය ඉතරි 19000 සොයා ගැනීමේ අවස්තාව තිබෙනවා.

family
Source: Public Domain

4.දෙමාපිය වීසා සඳහා අනුග්‍රහ කල හැක්කේ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථීර පදිංචි කරුවන්ට හා නව සීලන්ත පුරවසියන්ටයි

වසර 2ක් ඔවුන් ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වී ඇති බව පෙන්විය යුතුයි. එසේම පවුලෙන් බහුතරයක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන බව ඔප්පු කල යුතුයි

parent visa
Source: Getty Images Europe

5.ඔබ රජයට ඇපකරයක් ගෙවිය යුතුයි

contributory වීසා හි ප්‍රධාන අයදුම්කරුට ඩොලර් 10000ක් ද දෙවැනි අයදුම්කරුට ඩොලර් 4000ක් centrlink ඇපකාරයක් ලෙස වසර 10 ක් එය centrlink මගින් තබා ගන්නවා. non contributory වීසා වෙනුවෙන් ප්‍රධාන අයදුම්කරුට ඩොලර් 5000ක් ද දෙවැනි අයදුම්කරුට ඩොලර් 2000ක් centrlink ඇපකාරයක් ලෙස වසර 2 ක් එය centrlink මගින් තබා ගන්නවා

Australian currency pictured in Sydney, Thursday, Sept. 11, 2014. (AAP Image/Joel Carrett) NO ARCHIVING
Australian currency pictured in Sydney, Thursday, Sept. 11, 2014. (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP

non contributory වීසා සඳහා 40000ක් පමණ අයදුම් කර ඇතත් මේ මුල්‍ය වර්ෂයේ ලබා දෙන්නේ වීසා 1500ක් පමණයි. contributory වීසා සඳහා තවමත් පුරප්පාඩු 7175ක් තිබෙනවා

දෙමාපිය වීසා පිලිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවි වලින් ලබා ගන්න

http://www.border.gov.au/

http://www.border.gov.au/Search/Pages/Results.aspx?k=non-contributory%20visa

http://www.border.gov.au/Search/Pages/Results.aspx?k=contributory%20visa

https://www.humanservices.gov.au/customer/dhs/centrelink


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now