1.ඔබගේ දායකත්වය සහිත Contributory හා දායකත්වයක් නොමැති Non Contributory ලෙස වීසා වර්ග 2ක් තිබේ.
Non Contributory වීසා සඳහා ගාස්තුව ඩොලර් 5900ක් පමණ වුවත් ඒ සඳහා වසර 18-30ක කාලයක් ගත වේ. Contributory වීස සඳහා ගාස්තුව එක අයෙකුට ඩොලර් 45000 -55000ක් පමණ වැය වුවත් එය වසර 2න් ලැබේ

Source: SBS
2.වීසා අයදුම් කරන විටත් වීසා ලබා දීමේදීත් සෞඛ්‍ය හා චරිතය පිලිබද පරීක්ෂාවක් කරනු ලැබේ

Source: Getty Images Europe
3.එසේත් නැත්නම් දෙමාපියන්ට ඩොලර් 29130ක් ගෙවා කාණ්ඩ 173 හෝ 884 වන තාවකාලික වීසා සඳහා අයදුම් කල හැකියි.
ඒ අනුව වසර 2ක් medicare හා පුර්ණ කාලීන රැකියා කිරීමේ අයිතිය හිමිවේ . ඒ කාලයේදී කාණ්ඩ 143 contributory වීසා සඳහා අවශ්‍ය ඉතරි 19000 සොයා ගැනීමේ අවස්තාව තිබෙනවා.

Source: Public Domain
4.දෙමාපිය වීසා සඳහා අනුග්‍රහ කල හැක්කේ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථීර පදිංචි කරුවන්ට හා නව සීලන්ත පුරවසියන්ටයි
වසර 2ක් ඔවුන් ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වී ඇති බව පෙන්විය යුතුයි. එසේම පවුලෙන් බහුතරයක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන බව ඔප්පු කල යුතුයි

Source: Getty Images Europe
5.ඔබ රජයට ඇපකරයක් ගෙවිය යුතුයි
contributory වීසා හි ප්‍රධාන අයදුම්කරුට ඩොලර් 10000ක් ද දෙවැනි අයදුම්කරුට ඩොලර් 4000ක් centrlink ඇපකාරයක් ලෙස වසර 10 ක් එය centrlink මගින් තබා ගන්නවා. non contributory වීසා වෙනුවෙන් ප්‍රධාන අයදුම්කරුට ඩොලර් 5000ක් ද දෙවැනි අයදුම්කරුට ඩොලර් 2000ක් centrlink ඇපකාරයක් ලෙස වසර 2 ක් එය centrlink මගින් තබා ගන්නවා
non contributory වීසා සඳහා 40000ක් පමණ අයදුම් කර ඇතත් මේ මුල්‍ය වර්ෂයේ ලබා දෙන්නේ වීසා 1500ක් පමණයි. contributory වීසා සඳහා තවමත් පුරප්පාඩු 7175ක් තිබෙනවා

Australian currency pictured in Sydney, Thursday, Sept. 11, 2014. (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP
දෙමාපිය වීසා පිලිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවි වලින් ලබා ගන්න
Share

