1.පුද්ගලයෙකු අතුරුදන් වී පැය 24ක් ගත වන තුරු ඔබ සිටිය යුතු නැහැ
කෙනෙකු සිටින තැන ඔබ නොදනී නම්, ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳ ඔබට සැකයක් ඇත නම් ඔවුන් පිලිබඳ missing persons report ලෙස වාර්තා කල හැකියි

2. අතුරුදන් වූ පුද්ගලයෙකු පිලිබඳ ඕනෑම පොලීසියකට වාර්තා කල හැකියි
දකුණු ඕස්ට්‍රේලියාවේ පමණක් දුරකථන ඇමතුමකින් ඒ පිලිබඳ වාර්තා කල හැකියි. අනෙක් ප්‍රාන්ත වල ඔබට පොලිසියට යාමට නොහැකි නම් පොලීසියෙන් ඒ පිලිබඳ විස්තර ලබා ගත හැකියි

3.ඔබට හැකි තරම් ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබා දෙන්න
අතුරුදන් වූ පුද්ගලයාගේ නම, හැඩ රුව, මිතුරන්ගේ තොරතුරු, ඔවුන් ලබන centrelink ආදාර, ගමන් බල පත්‍ර තොරතුරු, වෙඉද්‍ය තොරතුරු ආදී ඔවුන් පිලිබඳ සියලු විස්තර ලබා දිය යුතුයි

4.පොලීසියට වාර්තා කරන විට ඔබ ගෙන් ඒ සියලු තොරතුරු ඔවුන් එක වරම ලබා ගනී
අතුරුදන් වූ පුද්ගලයා කෙටි කාලයකින් සොයා නොගත්තොත් නැවත තොරතුරු ලබා ගැනීමට පොලීසිය ඔබ වෙත පැමිණේ

5. ඔබ පොලීසියට ලබා දුන් වාර්තාවේ තොරතුරු ලග තබා ගන්න
ඔබ කතා කල නිලධාරියාගේ තොරතුරු , වාර්තාවේ අංකය හා පොලිස් ස්ථානය යන විස්තර

මේ පිලිබඳ භාෂා 14 කින් තොරතුරු රැගත් පත්‍රිකා ඇත
වැඩි විස්තර සඳහා www.missingpersons.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න
නොමිලේ ඇමතුම් 1800 000 634 ඔස්සේ ලබා ගත හැකියි
පරිවර්තන සේවා සදහා 131415 අමතන්න
ඔබට වැඩි විස්තර Missing people: A guide for families and friends ඔස්සේ ලබා ගත හැකියි
Share

