ඔස්ට්‍රේලියාවේ රැකියා සුරක්ෂිතභාවය (work safety) පිළිබඳ ඔබ දත යුතු කරුණු 5ක් SBS සිංහල වෙතින්

අනාරක්ෂිත අයුරින් සේවය කිරීමට ඇසීමේදී ඔස්ට්‍රේලියාව තුළ වැඩ කරන සියලුම සේවකයන් හට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇත. නමුත් විවිධවූ සංස්කෘතිමය හා භාෂාත්මකව පසුබිමක් ඇති විදේශ ශ්‍රමිකයන් ඒ පිළිබඳව නිෂ්ශබ්දව සිටියි.

work safety

Source: SBS

1. ඔබේ ප්‍රධානියා කළ යුත්තේ කුමක්ද?

ඔබේ රැකියාව ආරක්ෂිතව කරන අයුරු ඔබට පෙන්විය යුතුය, ඔබව නිරීක්ෂණය කිරීමට යම් කෙනෙකු සිටිය යුතුය, මෝටර් රථයක් පැදවීම, දොඹකරයක් හෝ ෆොක් ලිෆ්ට් රථයක් පැදවීම වැනි විශේෂ අවසර පත්‍ර අවශ්‍ය කාර්යන් කිරීමට එවැනි අවසර පත්‍රයක් නොමැති විට ඔබෙන් නොඇසිය යුතුය, ඔබගේ සේවය කිරීමට ඔබට අවශ්‍ය නියම උපකරණ සහ ආම්පන්න තිබිය යුතුය, ඔබට ඔබගේ කාර්යය කිරීමට අවශ්‍ය වුවහොත් ආරක්‍ෂිත උපකරණ  ඔබට ලබා දිය යුතුය.

Warehouseman and forklift truck driver
Source: Moodboard

2. සේවය කිරීමේදී ඔබේ ආරක්ෂාව සලසා ගැනීමට ඔබ කළ යුතු දේ

ඔබේ කාර්යන් කිරීමට අවශ්‍ය ශක්තිමත් බව  හා නිරෝගී බව ඇතුළුව ආරක්‍ෂිත ලෙස  ඔබගේ සෞඛ්‍යය රැක බලාගත යුතුය. ඔබට සේවය කරන අතරතුර මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කිරීමට හෝ නොහැකිය. එලෙසම ඔබට හෝ සේවයේ නියුතු අන් අයට හානි වන අයුරින් කිසිඳු දෙයක් කිරීමට ඔබට නොහැකිය.

work safety
A worker in safety gear. Source: SBS

3. සාධාරණ වැටුපක් සහ කොන්දේසි සඳහාවූ ඔබගේ අයිතිය.

ඔස්ට්‍රේලියාව තුළ අවම වැටුප් සහ සේවා කොන්දේසි ඇත. සේවා යෝජකයින්ට හා සේවකයින්ට මෙම අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ලබා දීමට Fair Work Ombudsman ආයතනය උපකාර සැපයන අතර ඔබට ගෙවිය යුතු වැටුප කුමක්දැයි සොයා බැලීමටද ඔවුන් උපකාරී වෙයි.

work safety
Source: Fair Work Ombudsman

4. සේවා ස්ථානයේදී හිරිහැරයට බඳුන් වීම.

ඔබ හිරිහැරයට බඳුන් වනවානම් එය නැවැත්වීමට ඔබට අවශ්‍ය බව ඔබේ ප්‍රධානියා හට හෝ වෙනත් සේවකයකුට පවසන්න. එවිට හෝ එය නොනැවතුනහොත් ඔබට ඔබේ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ කවුරුන් හෝ කෙනෙකුට පැවසිය හැකිය. මීට අමතරව ඔබට 1300 799 675දුරකතන අංකයෙන් Fair Work කොමිසමට පවා කතා කළ හැකිය.

work safety
Source: SBS

5. ඔබ සේවය කරන අතරතුර යම් අනතුරක් හෝ හිරිහැරයක් සිදුවුවහොත් කුමක් කළ යුතුද?

සෘජුවම ප්‍රථමාධාර ලබාගැනීම හෝ වෛද්‍යවරයකු හෝ හෙදියක මුණ ගැසිය යුතුය. ඔබ යායුතු වෛද්‍යවරයා තේරීම ඔබට කළ හැකිය. අදාළ වෛද්‍යවරයාගෙන් වෛද්‍ය සහතිකයක් ඔබට ඉල්ලීමට හැකි අතර එය ඔබගේ ප්‍රධානියාට ඉදිරිපත් කළ හැකිය. ඔබ සේවය කරන අතරතුර අනතුරකට පත්වූ බව ඔබගේ ප්‍රධානියාට පවසන්න. සිදුවීම් වාර්තාව (incident report) පුරවන්න.

Serious Physician with Nurses in hospital corridor focus on physician portrait
Source: Moodboard

ඔබ සූරා කෑමකට ලක්වන බවට හෝ අනාරක්ෂිත බවට හෝ සේවයේදී හිරිහැරයට ලක්වන බවට හෝ සැකයක් පවතියි නම් රහසේම ඒ පිලිබඳ ඔබේ ප්‍රාන්තයේ ඇති Fair Work Ombudsmanහෝ Safe Work Australiaආයතනවලින් විමසිය හැකිය.

ඔස්ට්‍රේලියාව තුළ ආරක්ෂිතව සේවය කිරීම සඳහා වැඩි විස්තර Safe Work Australia වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

ඔබට භාෂා සහය අවශ්‍යනම් 131 450 යන අංකයෙන් භාෂා පරිවර්තන සේවය ඇමතිය හැකිය. පරිවර්තිත කරුණු පත්‍රිකා භාෂා 11කින් මේ වන විට තිබේ. 


2 min read

Published

Updated

By Madhura Seneviratne, Ildiko Dauda

Source: Australia government




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now