පාසල් නිවාඩුවෙන් පසුව ඔබේ දරුවා උද්යෝගයෙන් පාසලට යැවීමට ඔබට කල හැකි දේ (SBS සිංහල/ වාර්තා)

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබේ දරුවාත් පාසලට නිවාඩුවෙන් පසු නැවත පාසලට යන විට ඔවුන් උද්යෝගමත් කිරීමට ඔබත් කැමති ඇති. පෙර පාසල් දරුවන්ට ඇති කාංසාවන් නම් පාසලේදී කොන් වීම, සමච්චලයට ලක් වීම හා ඔබට සමු දීමට සිදු වීමයි. අනෙකුත් පාසල් දරුවන් 27%ක් විභාග වලටත් , 13%ක් නැවත පාසල් යාමට අකමැත්තෙන්ද සිටිනවා. එසේම 14%ක් ගුවරු සමග ගැටළු වලින්ද පෙලේ.

s

Source: AAP

පහත ක්‍රම මගින් දෙමාපියන් ලෙස ඔබටත් ඔවුන්ට උදව් විය හැකියි

නැවත පාසලට යාමේ සැලැස්මක් ලබා දීම

  • ඔබේ දරුවාට පාසලට යන වෙලාව , අවදි වීමේ වෙලාව, සුදානම් වීමේ වෙලාව ආදී වේලාවන් සදහා chart එකක් සකස් කරන්න 
  • ඔබෙන් ඔවුන්ට සුදානම් වීමට අවශ්‍ය මොනවාද ?
  • ඔවුන්ට තනිවම කරගත් හැකි දේ මොනවාද ?

නැවත පාසලට යාම ආරම්භ කල පළමු සතියේ ඔවුන්ට සෞඛ්‍යමය පුරුදු වන වයස 5-13 දරුවන්ට පැය 9-11 නින්ද හා වයස අවු 14-17 වන දරුවන්ට පැය 8-10ක් වන නින්ද ලබා දීමත් , ව්‍යායාම් වලට යොමු කිරීම වැදගත්. එසේම sleep foundation ආයතනය පවසන්නේ පාසල් නිවාඩුව අවසන් වීමට සති 2ට පෙර සිට ඔවුන් නිදා ගන්නා කාලය හුරු කරන ලෙස. ඔබටත් හැකි පමණ ඔවුන් සමග කාලය ගත කරමින් ඔවුන්ට පාසලට සුදානම් වීමේ සහය ලබා දෙන්න

නැවත පාසලට යාම පිළිබද සාකච්චා කිරීම

බොහෝ දරුවන් පාසලේදී ආතතියට පත් වන නිසා එසේ වීමට හේතු පිළිබද ඔවුන් සමග සාකච්චා කරන්න.

  • පෙර පාසල් - පාසලට යාම පිලිබදව කතාවක් ගොඩනැගීම ප්‍රාථමික - ඔවුන්ට මිතුරකු සොයා ඔවුන් පාසල ලගදී ඔහුත් සමග යාමට සැලැස්වීම ඉහල පන්ති වල දරුවන් - දරුවන්ට තාක්ෂනය, නින්ද ලබා ගැනීම හා පාසල් වැඩ කෙරේ දායකත්වය දෙන්න
s
Source: shutter stock

ඔබේ සහය ලබා දීම

පාසලට ඔවුන් අයත් බව හැගීම දරුවන් අධ්‍යාපනයට යොමු වීමට මුල් වේ. ඒ හැගීම් ඇති වීමට දරුවාත් සමග උද්යෝගයෙන් කතා කරන්න. බොහෝ දරුවන් පාසල් වැඩ මගින් ආතතියට ලක් වන නිසා ඔබේ සහයෝගය සැම විටම ලබා දීමට කටයුතු කරන්න

ඔවුන්ගේ ආතතිය පිළිබද අවධානයෙන් සිටින්න

ඔබේ දරුවා ආතතියට පත් වී දැයි මෙසේ දැනගත හැකියි

  • පාසලෙන් ඉවත්ව සිටීමට තැත් කරයි නම් හෝ ඔබේ ලග දැවටී සිටීමට කටයුතු කරයි නම් 
  • හඬමින් , කලබලයට පත්ව සිටීම 
  • ක්‍රියාකාරකම් විවිධ හේතු ඉදිරිපත් කරමින් මගහැරීනම් 
  • ඔවුන්ගේ කැමතිම සෙල්ලම් බඩු වෙත යොමු වීම්, ඇගිලි ඉරීම , තොදොල් වීම ආදී ලක්ෂණ

මෙවන් ලක්ෂණපාසල් වාරයෙන් අඩකම ඇත්නම් ඔබේ දරුවා පිලිබදව ගුරුවරු සමග හෝ පාසල් නියෝජිතන් සමග සාකච්චා කරන්න

දරුවාගෙන් ප්‍රෂ්න ඇසීම

දරුවාට මීලග පාසල් වාරය පිලිබදව ඇති ගැටළු පිලිබදව විමසා තොරතුරු ලබා ගන්න. වෙනස්කම් මොනවාද යන්න හඳුනා ගෙන , ඒ සදහා පාසලින්ද තොරතුරු ලබා ගන්න.

ඔබේ දරුවාට සියලු දේ ඔබට පැවසිය හැකි බවට ඒත්තු ගැන්වීම වැදගත්.

පාසල් වාරය තුලද දරුවා සමග පාසල් කටයුතු පිළිබද සාකච්චා කිරීමට වෙලාවක් යොදා ගන්න.

Source:SBS Insight

SBS සිංහල ගුවන් විදුලියට සවන්දිය හැකි අයුරු මෙන්න
How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala Radio

2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now