SKIP TO MAIN CONTENT

ඉන්දියාවේ මේරි කොම් ට සුපිරි තරගයක් දී ලංකාවේ අනූෂා බොක්සිං ලෝකඩ පදක්කම දිනයි.

2018 Commonwealth Games
Source: ADA Derana

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ සුපිරි බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 කාන්තා බොක්සිං තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඊයේ (11/04) සමත් විය.

ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ බොක්සිං ශූරිය ලෙස විරුදාවලිය ලත් ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභීනී මේරි කොම් සමග පැවැති තරගයේදී ඇය අතින් පරාජයට පත්වූ අනුෂා මෙලෙස කිලෝග්‍රෑම් 45 – 48 කාන්තා බොක්සිං තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

කෙසේවෙතත්, අනුෂා, මේරි කොම් හට තියුණු තරගයක් අවසානය තෙක්ම ලබා දුන් අතර වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ මේරී කොම්

තරගයේ ජය තහවුරු කර ගත්තා ය.

2018 Commonwealth Games
Source: Commonwealth Games

බොක්සිං තරගවල තුන්වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයේදී පරාජය වන ක්‍රීඩකයින් හා ක්‍රීඩිකාවන්ට ලෝකඩ පදක්කම හිමි වේ.

පසුගිය 8 වැනිදා පැවති  අර්ධ අවසන් පුර්ව  තරගයේදී කේමන් දුපත් හී Brandy Barnes පරාජයට පත් කල අනුෂා අවසන් පුර්ව  තරගයට සුදුසකම් ලබන්නට සමත් විය.

මේ  අනුව 1950 වසරෙන් පසු ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාවට පළමු වරට  කාන්තා බොක්සිං තරගයකදී පදක්කමක් දිනා දුන් ක්‍රීඩිකාව ලෙසද අනූෂා කොඩිතුවක්කු වාර්තා අතරට එක් වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now