SKIP TO MAIN CONTENT

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 5ක ආධාර.

Sri Lanka Flood
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Australian High Commission



Skip to article content

ශ්‍රී ලංකාවේ හදිසියේ ඇතිවූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමට ඔස්ටේ‍්‍රලියාව විසින් ඔස්ටේ‍්‍රලියානු ඩොලර් ලක්ෂ පහක් වටිනා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ  ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙලෙස  ඔස්ටේ‍්‍රලියා රජය විසින් ලබා දෙන ආධාර අතර පානීය ජලය , ආහාර ද්‍රව්‍ය , පීඩාවට පත්වූ ජනයා මුදා ගැනීමේ මෙහෙයුම් වලට අවශ්‍ය ඩිංගි බෝට්ටු,පිටත දහන එන්ජින් ඇතුළු ද්‍රව්‍ය රැසක් තිබෙන අතර මෙම ආධාර තොගය රැගත් නෞකා ඉදිරි දින දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ  ඔස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්.

ගංවතුරින් හා නායයෑම් වලින් පීඩාවට පත්වූ ජනතාවගේ පවුල් වෙත ශෝකය ප‍්‍රකාශ කරන බවත් ඔවුන් ගේ ජීවිත යළි නගා සිටුවීම සඳහාත් ,ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා සැපිරීම සඳහාත්  ඔස්ටේ‍්‍රලියානු රජය සහය වන බව ඔස්ටේ‍්‍රලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය ඊයේ (31/05) නිවේදනය කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now