SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වීම අද රාත්‍රී 8 ට අවසන්.

Australian General Election 2019
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ලබන මැයි මස 18 දා පැවැත්වෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය වෙනුවෙන් වන ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වීම අදින් (18/04) අවසන් වේ.

මෙවර ඡන්දය සඳහා අලුතෙන් ලියාපදිංචි වන හෝ ඡන්ද නාම ලේඛනයේ තම දත්ත වෙනස් කිරීමට අවශ්‍ය අයවලුන් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිස අද රාත්‍රී 8 ට ප්‍රථම එම ලියාපදිංචි වීම් සහ අදාළ සංශාධන කටයුතු නිම කලයුතු බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම මහජනතාවට දැනුම් දී සිටි.

මේ අතර ප්‍රධාන පක්ෂ දෙකෙහි නායකයින් දෙපල විසින් පාස්කු නිවාඩුවට ප්‍රථම සිදුකරනු ලබන අවසාන ඡන්ද ප්‍රවර්ධන කටයුතු  අද දිනයේදී සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අගමැති ස්කොට් මොරිසන් මහතා අද දවස තුලදී ටස්මේනියා ප්‍රාන්තය තුලදී තම ඡන්ද ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම සිදුකරනු ලබන අතර ප්‍රාන්ත සෞඛ්‍ය සේවා සඳහා ඩොලර් මිලියන 25 ක ප්‍රතිපාදන ලබාදීමට ඔහු බලාපොරොත්තු වේ.

ටස්මේනියා ප්‍රාන්තය තුල ලිබරල් සන්ධානය නියෝජනය කෙරෙන එකඳු මන්ත්‍රී ආසනයක් හෝ මධ්‍යම රජයේ පාර්ලිමේන්තුව තුල නොමැති වීමද විශේෂත්වයකි.

මේ අතර විපක්ෂ නායක බිල් ශෝර්ටන් මහතා ඩාර්වින්  ආසන්නයේ පවතින 'ටිවි' දුපතෙහි අද දිනයේදී පාස්කුවට පෙර පවත්වන තම අවසන් ඡන්ද ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.

සෞඛ්‍ය සහ ආදිවාසි ප්‍රජා සම්බන්ධතා ඔහුගේ අද දිනයේ ඡන්ද ප්‍රවර්ධන මාතෘකා වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now