SKIP TO MAIN CONTENT

අඩු වැටුප් ගෙවීමට සහ ශ්‍රමය සූරාකෑමට ලක්වූ සංක්‍රමණිකයින්ට සහ තාවකාලික වීසා හිමියන්ට නොමිලයේ නීති සේවාවක්

Migrants and temporary visa holders facing exploitation from their employers will now be able to access free legal help in New South Wales.
Yeni gelen göçmenler hak ettiklerinden çok daha düşük maaşlara çalışıyor. Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අඩු වැටුප් ගෙවීමට සහ ශ්‍රමය සූරාකෑමට ලක්වූ සංක්‍රමණිකයින්ට සහ තාවකාලික වීසා හිමියන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ දැන් නොමිලයේ නීති සේවා ලබාගැනීමට හැකියාව පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් දියත් කළ Migrant Employment Legal Service හෙවත් සංක්‍රමණිකයින් සඳහාවූ සේවායෝජකත්ව නීති සේවාව හරහා සංක්‍රමණිකයින්ට සහ තාවකාලික වීසා හිමියන්ට මෙම සහනය සැලසේ.

ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළේ වැඩිපුරම අවදානමකට ලක්ව ඇති පිරිසක් ලෙස සංක්‍රමණිකයින්ව සහ තාවකාලික වීසා හිමියන්ව හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම සංක්‍රමණිකයින් සඳහාවූ සේවායෝජකත්ව නීති සේවාව හරහා අදාළ පුද්ගලයින්ට ඇති අයිතීන් පිළිබඳ දැනුවත් කෙරෙන අතර යම් ආකාරයක නොගෙවූ වැටුප් ඇත්නම් හෝ අඩුවෙන් වැටුප් ගෙවා ඇත්නම් ඒවා නැවත ලබාගැනීමටද සහය ලබාදෙයි.

මෙම සේවාව සඳහා විවිධ භාෂාවන් කතා කිරීමට හැකි නීති වේදීන් සහ සේවකයින් යොදවන බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

මෙවැනි නීති සේවාවක් ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම අවශ්‍ය බව වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණික සේවකයින්ගේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Mathew Kunkel පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now