SKIP TO MAIN CONTENT

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 157 ක් මරුට.

Ethiopia airline crash
Wreckage lies at the crash site of Ethiopia Airlines Boeing 737 Max 8 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත පියාසර කරමින් තිබියදී අනතුරට පත්ව තිබේ.

ඉතියෝපියාවේ අගනුවර වූ අඩ්ඩීස් අබාබා නුවරින් පිටත්ව මිනිත්තු 6 ක ගතවූ තැන එම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බවත් එම ගුවන් මගීන් අවම වශයෙන් රටවල් 35 කින් පමණ පැමිණි අය බවත් සඳහන්.

යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි බලධාරීන් විශ්වාස කරයි.

මේ අතර අනතුරට පත්වූ යානය Boeing 7-3-7 වර්ගයට අයත් බවත් එය ගුවන්ගත කිරීමට පෙර අවසාන වශයෙන් පෙබරවාරි 04 වන දින සම්පූර්ණ පරීක්ෂාවට ලක් කල බවත් යානයේ ගුවන් නියමුවා අත්දැකීම් බහුල ගුවන් නියමුවෙකු බවත් ඉතියෝපියානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Tewolde Gebremariam පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now