SKIP TO MAIN CONTENT

නාවුරු සරණාගත මධ්‍යස්ථානයේ සිටි අවසන් ළමුන් සිව් දෙනාත් ඇමෙරිකාවට.

NO ASYLUM SEEKER CHILDREN ON NAURU
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

නාවුරු දූපතේ පිහිටි සරණාගත මධ්‍යස්ථානයේ රඳවා සිටි සියලුම දරුවන් එයින් පිටත් කළ බවත් ඒ අනුව දැන් කිසිදු දරුවෙකු නාවුරු සරණාගත මධ්‍යස්ථානයේ නොමැති බවත් ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

නාවුරු සරණාගත මධ්‍යස්ථානයේ ඉතිරිව සිටි අවසන් ළමුන් සිව් දෙනාද පසුගිය බදාදා (27/02) ඇමෙරිකාවට පිටත් කළ බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

නාවුරු සහ මානුස් දූපත් වල පිහිටි සරණාගත මධ්‍යස්ථාන වල සිටි 37 ක් මෙම සතියේදී ඇමෙරිකාවේ ස්ථාපිත කිරීමට සමත්වූ බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පැවසීය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් 493 දෙනෙකු මේ වන විට ඇමෙරිකාවේ ස්ථාපිත කළ බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම එළඹෙන සති වලදී තවත් පිරිස් එම මධ්‍යස්ථාන වලින් ඉවත් කර ඇමෙරිකාවේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය David Coleman පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now