ඕස්ට්‍රේලියාව තුල විදේශීය ශ්‍රමිකයින්ට අනුග්‍රාහකත්වය ලබාදීමේදී සේවා යෝජකයින්ට බද්දක් (SBS සිංහල/ වාර්තා)

Australian immigration visa.

Source: SBS

මේ සතියේ සිට ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින් යම් සංක්‍රමණිකයෙකු සේවයට  බදවා ගැනීමේ අවශ්‍යතාවය මත  අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ නම් අදාල සේවා යෝජකයා හට Skilling Australia Fund (SAF) levy නම් නව බද්දක් ගෙවීමට සිදු වන බව සදහන්.

අදාල නව නීතිය මේ වසරේ මැයි මාසයේදී පාර්ලිමේන්තුව තුල අනුමත වූ අතර, ඒ අනුව අගෝස්තු 12 දා සිට අදාල නීතිය ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. මෙම නව නීතිය ඕස්ට්‍රේලියානු ව්‍යාපාර සහ විශ්වවිද්‍යාල වැනි ආයතන වලටද බලපානු ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. මෙම බදු මුදල් මගින් ලැබෙන අදායම ඕස්ට්‍රේලියානුවන්ගේ කුසලතා වර්ධනය සදහා Skilling Australians Fund නම් අරමුදල වෙත යොමු කරන බව ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් SBS ඉතාලි භාෂා වැඩසටහන අංශයට ප්‍රකාශ කර තිබේ.

තාවකාලික ශ්‍රමික වීසා සහ ස්ථිර පදිංචි ශ්‍රමික වීසා යන කාණ්ඩ දෙකටම බදු

Skilled migration Australia
Skilled migration Australia Source: qantara.com.au

මෙහිදී කිසිදු සහනයක් සේවා යෝජකයින්ට නොලැබෙන බවත්, යම් විදේශීය ශ්‍රමිකයෙකු අදාල ස්ථිර පදිංචි වීසා සදහා යෝජනා කරන විට අදාල බද්ද ගෙවිය යුතු බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කර තිබේ.  මෙහිදී තාවකාලික කුසලතා වීසා (Temporary Skill Shortage (TSS)) ශ්‍රමිකයින් බදවා ගැනීමේදී ඩොලර් මිලියන 10ට අඩු පිරිවැටුමක් ඇති ආයතන ඩොලර් 1200ක වාර්ෂික බද්දක්ද, ඩොලර් මිලියන 10ට වැඩි පිරිවැටුමක් ඇති ආයතන ඩොලර් 1800ක වාර්ෂික බද්දක්ද ගෙවිය යුතු බව සදහන්. මීට අමතරව ස්ථිර පදිංචිය ලබාදෙන Employer Nomination Scheme (ENS) or Regional Sponsored Migration scheme (RSMS) visa යන වීසා කාණ්ඩ සදහා ඩොලර් මිලියන 10ට අඩු පිරිවැටුමක් ඇති ව්‍යාපාර ඩොලර් 3000ක්ද, මිලියන 10ට වැඩි පිරිවැටුමක් ඇති ව්‍යාපාර ඩොලර් 5000ක්ද වාර්ෂික බදු වශයෙන් ගෙවිය යුතු බව සදහන්.

සංක්‍රමණික ශ්‍රමිකයින් තම ශ්‍රම බලකායට එක් කරගැනීමට කැමැත්තක් දක්වන සේවා යෝජකයින්ට මෙම එතරම් සුභදායි තත්වයක් නොවන බව සංක්‍රමණික ඒජන්තවරුන් පවසනවා.

මේ පිළිබද වැඩි දුර තොරතුරු ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ පහත වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.


Share

2 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS Italian


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now