SKIP TO MAIN CONTENT

ධනවත් අයට සමෘද්ධි ලැබෙනවා : දුප්පත් අයගේ සමෘද්ධිය කැපෙනවා - උඩුනුවර වාසින් උද්ඝෝෂණය කරයි.(වීඩියෝ)

Samurdhi protest -
Kandy - Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka


Skip to article content

සමෘද්ධි ආධාර මුදල් කප්පාදු කර ඇතැයි කියමින් උඩුනුවර ප්‍රදේශවාසීන් ඊයේ (අගෝස්තු 16) හන්දෙස්ස උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මහා මාර්ගයේ සිට උද්ඝෝෂණයක නිරත වූහ. සමෘද්ධි ආධාර මුදල් ගෙවීම ප්‍රතිසංවිධානය කිරීමට රජය ගෙන ඇති තීරණය යටතේ සිය මුදල් අහිමි වී ඇතැයි කියමින් මහා මාර්ගය අවහිර කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බව වාර්තා වේ.  

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සමෘද්ධි විෂය භාර නිලධාරීන් නිවසට පැමිණ සමෘද්ධි පිළිබදව සංගණනයක් කළ නමුත් එහි අවසන් ප්‍රතිඵලය වූයේ සිය සමෘද්ධි ආධාර මුදල කපා දැමීම යැයි විරෝධතාකරුවන් කීහ. තමන්ට සැබවින් ම සමෘද්ධි හිමි විය යුතු නමුත් උඩුනුවර ධනවත් පුද්ගලයන්ට සමෘද්ධි මුදල් ලබාදී ඇතැයි කියමින් ඔවුන් විරෝධාතව පළ කළෝය. එසේම විෂයභාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි විරෝධතාකරුවන් කීහ.

උද්ඝෝෂණය අතරේ එම ස්ථානයට පැමිණි උඩුනුවර ප්‍රාදේශීය ලේකම් අජිත් නන්දන ගලගොඩ මහතා විරෝධතාකරුවන්ට නීතිමය තත්ත්වය පැහැදිලි කළේය. සැබවින්ම සමෘද්ධි ආධාර මුදල් හිමිවිය යුත්තන් තොරා ගැනීම සදහා අමාත්‍යංශයේ චක්‍ර ලේඛන අනුව කටයුතු කළ බවත් අභියාචනා හා විරෝධතා පවතින්නේ නම් ලිඛිතව ලබා දිය හැකි බව කීවේය. මේ වන විට කිසිදු අයෙකුගේ කිසිදු මුදලක් කපා දමා නොමැති බව කී ප්‍රාදේශීය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් රජයේ යහපත් ප්‍රතිචාරයක් හිමිවනු ඇතැයි කිවේය.

 

ඒ හා සම්බන්ද දර්ශන රැගත් වීඩියෝව පහතින් - උඩුනුවර වාසින් උද්ඝෝෂණය කරයි.

 

ප්‍රාදේශීය ලේකම්වරයා නිසි පිළිතුරක් ලබාදීමෙන් පසු විරෝධාකරුවන් විසිර ගියෝය.

පැයකට ආසන්න කාලයක් පැවැති විරෝධතාව හේතුවෙන්  එම ස්ථානයේ වාහන අවහිරතා ඇතිවූ අතර එම තදබදය අවම කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now