SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කිරි සඳහා අවම මිලක් නියම කිරීමට ඉදිරිපත් කළ යෝජනාව මධ්‍යම පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙයි.

Minimum milk price push fails to pass
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News, SBS Sinhala program


Skip to article content

අර්බුද වලට මුහුණපා සිටින ඔස්ට්‍රේලියාවේ කිරි ගොවීන්ට සහනයක් වනු පිණිස නැවුම් කිරි සඳහා අවම මිලක් නියම කිරීමට ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (20/02) ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය.

කම්කරු පක්ෂය විසින් ගෙන ආ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 69 ක්ද විපක්ෂව ඡන්ද 74 ක්ද ලැබුණි.

ඔස්ට්‍රේලියාවේ බොහෝ කිරී ගොවීන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ විශාල ආර්ථික ගැටළු වලට මුහුණ පා සිටින බවත් මෙය සමස්ත කිරි කර්මාන්තයටම බලපාන බවත් විපක්ෂයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ඡායා අමාත්‍ය Joel Fitzgibbon එහිදී පැවසුවේය.

නමුත් මෙම ගැටලුව දේශපාලනීකරණය කරගැනීමට උත්සාහ දරන බවට එහිදී ලිබරල් සන්ධාන රජයේ කෘෂිකාර්මික අමාත්‍ය David Littleproud පවසා සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now